තරුණ සේවා-රූපවාහිනි වොලිබෝල් තරගාවලිය හෙට මහරගමදී

  👤  1826 readers have read this article !
Published by : MB WEB 2017-12-15 13:18:58

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව 31 වැනි වරටත් සංවිධානය කරනු ලබන තරුණ සේවා-රූපවාහිනි වොලිබෝල් තරගාවලිය හෙට (16දා) පෙරවරු 9 සිට දවස පුරා මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම තරගාවලියේදී සුප්ර් ලීග් සහ අභියෝග ශූරතා ලෙස කාණ්ඩ දෙකක් යටතේ කාන්තා හා පිරිමි අංශ යටතේ් තරග සංවිධානය කර ඇත. ඒ අනුව සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අවසන් තරගය සදහා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමත් සුපර්ලීග් කාන්තා අවසන් තරගය සදහා ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමත් සුදුසුකම් ලබා තිබේ.

මේ අතර අභියෝග ශූරතා කාණ්ඩයේ පිරිමි අවසන් තරගය සදහා අනුරාධපුර සිංහ කණ්ඩායම සහ පුත්තලම ධම්මිස්සර කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇත. කෙසේ වෙතත් අභියෝගතා කාණ්ඩයේ කාන්තා අවසන් තරගය මේ වන විට පවත්වා අවසන් අතර එහිදී පුත්තලම රත්නපාල කණ්ඩායම පරාජයට පත්කළ කෑගල්ල සුපර් සෙවන් කණ්ඩායම ශූරතාවය දිනාගන්නා ලදී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon