ඇමෙරිකාවේ පැවැති කායවර්ධන තරගාවලියේදී ලංකාවේ පුෂ්පරාජ් සිවු වැනි තැනට

  👤  1877 readers have read this article !
Published by : MB WEB 2017-12-14 14:12:39

ඇමෙරිකාවේ ටෙක්සාස් හිදී පසුගියදා නිමාවට පත් වූ 'Mr & Ms Atlas and Fitness Expo 2017' ' කායවර්ධන තරගාවලියේදී ආසියාවේ කළු සිංහයා ලෙසින් හදුන්වන ලූෂන් පුෂ්පරාජ් සිවු වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය.

තවද ඔහු මින් පෙර දකුණු කොරියාවෙදී පැවැති 51 වැනි 'Asian Bodybuilding and Physiques Sports Championship' තරගාවලියේදි ද රන් පදක්කමක් දිනාගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 8ක කායවර්ධන ක්‍රීඩකයන් සහභාගී වූ මෙම 'Mr & Ms Atlas and Fitness Expo 2017' තරගාවලියේ දී ලූෂන් සිවු වැනි සථානය දීනාගැනීමත් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර කායවර්ධන ක්‍රීඩාවේ අවධානයට ලක්වී ඇත.

මේ අතර ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් අමතමින් ලූෂන් පැවැසුවේ තමන්ට කැපීපෙනෙන දක්ෂතාවක් දැක්වීමට මෙවර 'Mr & Ms Atlas and Fitness Expo 2017' තරගාවලියේ දී නොහැකි වුවද මීළඟ තරගාවලියේදී කුමන හෝ සථානයක් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීම තම එකම අරමුණ බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon