මෙවර ඩ්‍රීම් ස්ටාර් කිරුළ හිමි වන්නේ කාටද?

  👤  2316 readers have read this article !
Published by : MB WEB 2017-12-09 14:57:05

කිරුළ දිනන්න උපරිම මහන්සි වෙනවා - ශලීන්

නම - ශලීන් කෞශල්‍ය

වයස - අවුරුදු දහනවයයි

ගම - නවගමුව

පවුලේ විස්තර - මමයි, අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි තමයි පවුලේ ඉන්නේ.

පාසල - මම මුලින්ම ඉගෙන ගත්තේ මීගස්තැන්න මහා විද්‍යාලයේ. ඊට පස්සේ යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ සහ බෝමිරිය ජාතික පාසලේ තමයි මම ඉගෙනුම ලැබුවේ.

තරගකරුවන් විශාල පිරිසක් අභිභවා ඇවිත් ශලීන් අවසන් මහා තරගයට තේරිලා. ලොකු සතුටකින් ඇත්තේ?

ඇත්තටම දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. මේක මගේ වාසනාවක් කියලා තමයි මට දැනෙන්නේ.

එතකොට මේක ශලීන් වාසනාව නිසාම විතරක් ආපු ගමනක්ද?

නැහැ. මගේ දක්ෂතාව සහ ප්‍රේක්ෂකයන් මට දක්වපු ආදරය නිසා තමයි මම මේ තාක් දුර ආවේ. මගේ වොයිස් එකේ තියෙන වෙනසට ගොඩක් අය කැමැති වුණා.

ඩ්‍රීම් ස්ටාර් ආවේ කිරුළ හිතේ තියාගෙනමද?

මගේ එකම බලාපොරොත්තුව මගේ අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි හොඳින් බලාගන්න එක. ගායකයෙක් වෙලා එයාලව හොඳින් බලා ගන්නවා කියන බලාපොරොත්තුවෙන් තමයි තරගයට ආවේ.

ඩ්‍රීම් ස්ටාර් තරගයට සහභාගි වුණේ ශලීන්ගෙම කැමැත්තටද?

මුලින්ම මගේ අම්මයි තාත්තයි තමයි මම තරගයට එනවට කැමැති වුණේ. ච්පඥචථ ඉබචප ඉඥචඵධද 4 එකේ ඉඳන් තමයි මම ඒ තරගය බලන්න ගත්තේ. ඒ තරගයට මට සහභාගි වෙන්න පුළුවන් නම් හොඳයි කියලා මටත් හිතුණා.

එහෙම ආපු ගමන මේ තාක් දුර එන්න ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණද?

මෙච්චර දුර එන්න ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ. නමුත් මට වෙනස් හඬක් තියෙනවා. එයින් වෙනසක් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා.

ශලීන් කියන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක්ද?

මම සාමාන්‍යයෙන් ගායනා කළේ සරල ගීත. ජෝතිපාල, මිල්ටන් පෙරේරා වැනි ශිල්පීන්ගේ ගීත මම ගොඩක් ගායනා කළා. අපිට ළඟදි ඊඩඥථඥ එකක් තිබ්බා බයිලා ගීත ගායනා කරන්න. එදා මට හොඳ කමෙන්ට් ලැබුණා. මම හිතනවා මට ඒ ශෛලියේ ගීත ගායනා කරන්නත් පුළුවන් කියලා.

විනිශ්චය මණ්ඩලයෙන් ශලීන්ට හොඳම ප්‍රතිචාරය ලැබුණේ කවදද?

48 දෙනාගේ වටයේදී මම "කවදාද කොහෙද කොයි තැනකද" කියන ගීතය ගායනා කරපු දවසේ විනිශ්චය මණ්ඩලයෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.

ශලීන්ට ප්‍රේක්ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති?

ඔව්. ගොඩක් හොඳ පිළිගැනීමක් සහ ආදරයක් මගේ ප්‍රේක්ෂකයන්ගෙන් මට ලැබෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

අනෙක් තරගකරුවන් දෙන්නාගෙන් වැඩිම අභියෝගය තියෙන්නේ කාගෙන්ද?

ඒ දෙන්නම අති දක්ෂයෝ දෙන්නෙක්. එයාලා එක්ක අවසන් මහා තරගයට තේරීමත් මට හිතාගන්න බැරි වුණා.

මහේෂා හා සුනීර එක්ක තරග කරලා ශලීන්ට ඩ්‍රීම් ස්ටාර් කිරුළ ලබා ගන්න පුළුවන් වෙයිද?

ඩ්‍රීම් ස්ටාර් කිරුළ දිනා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. කොහොම හරි කිරුළ ගන්න තමයි මහන්සි වෙන්නේ.

දිනන්න නම් ඉථඵ තරගයටත් මුහුණ දෙන්න වෙනවා. ඉථඵ වෙනුවෙන් අත දිග ඇරලා වියදම් කරන්න හැකියාව තියෙනවද?

එහෙම වියදම් කරන්න ලොකුවට සල්ලි නැහැ. මගේ තාත්තා ත්‍රීවීල් රියැදුරෙක්. මගේ නෑදෑයෝ තමයි මට ගොඩක් උදවු කරන්නේ.

කිරුළ ගත්තත් නැතත් දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න ශලීන්ට පුළුවන් වෙයිද?

මේ යන විදිහට ක්ෂේත්‍රයේ දිගටම රැඳිලා ඉන්න ලොකු මහන්සියක් වෙන්න ඕන. මම ලොකු වෙනසක් කරමින් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඩ්‍රීම් ස්ටාර් කිරුළ මගේ අම්මගෙයි තාත්තගෙයි හීනයක් - මහේෂා

නම - මහේෂා සඳමාලි කරුණාරත්න

ගම - වේයන්ගොඩ

පවුලේ විස්තර - අම්මයි, තාත්තයි, මල්ලියි,මමයි තමයි පවුලේ ඉන්නේ.

අවසන් තරගයට සුදුසුකම් ලබද්දී මොන වගේ හැඟීමක්ද දැනුණේ...?

මට හිතාගන්න බැරි වුණා. හතරදෙනාම දක්ෂයි. මගේ කටහඬට මිනිස්සු මෙච්චර ආදරේද කියලා හිතුණා. අම්මගෙයි, තාත්තගෙයි බලාපොරොත්තුව ඉටුකරන්න ලැබුණු එක ගැන මට ගොඩක් සතුටු හිතුණා. සතුටට මට කඳුළුත් ආවා.

ඔබ මේ තරගයට ඉදිරිපත් වුණේ සංගීතය පිළිබඳ යම් හැදෑරීමක් කරලද..?

ඔව්. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය හදාරන සිවුවැනි වසර ශිෂ්‍යාවක්. ඊට අමතරව සංගීත විශාරද විභාගයත් සමත් වෙලා තියෙනවා.

මේ තරගයට ඉදිරිපත් වුණේ කාගේ කැමැත්තටද...?

අම්මා තමයි කිව්වේ මේ තරගයට ඉල්ලුම් කරන්න කියලා. අම්මා කියපු නිසා මම තරගයට ඉල්ලුම් කළා. ගීත තෝරගනිද්දි වුණත් අම්මා මට උදවු කරනවා.

ඔබේ මවටත් ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවාද..?

ඔව්. අම්මා සංගීතය විෂයක් විදියට හදාරලා නෑ. ඒත් අම්මටත් සින්දු කියන්න පුළුවන්.

අවසන් තරගයට සුදුසුකම් ලැබූ අයගෙන් වැඩිපුරම දක්ෂ කවුද..?

තුන්දෙනාම දක්ෂයි.

තරගයේදී ලොකුම අභියෝගය වුණේ කවුද..?

එහෙම එක්කෙනෙක් කියලා කියන්න බෑ. හැමෝම හොඳට තරග කරනවා. මටම මම අභියෝගයක් වුණු අවස්ථා තිබුණා.

මහේෂාට විනිශ්චය මණ්ඩලයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද..?

විනිශ්චය මණ්ඩලය මගේ ගායනය හැමදාම අගය කරනවා. අපක්ෂපාතී ප්‍රතිචාර දෙනවා. අවසන් හතළිස් අට දෙනා වෙනකම්ම විනිශ්චය මණ්ඩලයේ ලකුණුවලින් ඉස්සරහට ආවේ. ඒගොල්ලො දෙන උපදෙස් ඉදිරියටත් පිළිගන්නවා.

මහේෂාට ඩ්‍රීම් ස්ටාර් වෙන්න පුළුවන් වෙයිද..?

ඒකට හැකියාව, දක්ෂතාව, වාසනාව කියන මේ තුනම බලපානවා. එදාට ප්‍රේක්ෂකයෝ දෙන තීරණයට මම හිස නවනවා.

අවසන් මහා තරගයේදී ඔබට තරග කරන්න වෙන්නේ තරගකරුවන් දෙන්නෙක් එක්ක. ඔවුන් ඔබට අභියෝගයක් වෙන එකක් නැද්ද..?

ඩ්‍රීම් ස්ටාර් කිරුළ කියන්නේ මගේ අම්මගෙයි තාත්තගෙයි අහිංසක හීනයක්. අනෙක් තරගකරුවන් දෙන්නත් දක්ෂයි. මමත් මට පුළුවන් උපරිමයෙන් තරග කරනවා. අවසන් තරගය නියෝජනය කරන එකම කාන්තාව මම. ප්‍රේක්ෂකයෝ මට උදවු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ඩ්‍රීම් ස්ටාර් වෙන්න ඉ.ර්.ඉ. තරගයටත් මුහුණ දෙන්න වෙනවා. ඉ.ර්.ඉ. තරගයටත් සූදානම් ඇති නේද..?

මගේ ඉදිරිපත් කිරීම මම හොඳට කළොත් ප්‍රේක්ෂකයන් මාව වෙනදා වගේම ඉදිරියට ගෙනයයි.

S.M.S.වලට අත දිගහැරලා වියදම් කරන්නත් මහේෂාට හැකියාව තියෙනවද..?

මට මේ තාක් එහෙම වියදමක් වුණේ නෑ. ගමේ අය මට ගොඩක් උදවු කරනවා. මට එහෙම වියදම් කරන්න හැකියාවකුත් නෑ. මං වෙනුවෙන් මේ වෙනකොටත් ගමේ අය ගොඩක් දේවල් කරලා තියෙනවා.

කාගෙ ගීතද ඔබ වැඩිපුර ගායනා කරන්න කැමැති...?

මම සුජාතා අත්තනායක මහත්මියගේ ගීත ගායනා කරනවාට ප්‍රේක්ෂකයෝ කැමැතියි. මාත් එතුමියගේ ගීත ගායනා කරන්න කැමැතියි. අනෙක් ගායිකාවන්ටත් කැමැතියි.
ඔබ එතුමියගේ කටහඬ අනුකරණය කරනවාද..?

මම කාවවත් අනුකරණය කරන්නෙ නෑ. සුජාතා මිස්ගෙ කටහඬට ළඟින් යන කටහඬක් මට තියෙනවා කියලා ගොඩක් අය කියනවා. නමුත් මම එතුමිය අනුකරණය කරන්නේ නෑ. ඒක මගේ වොයිස් එක.

තරගයෙන් පස්සෙත් මහේෂාට මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න පුළුවන් වෙයිද..?

ඔව් අනිවාර්යයෙන්ම. මම හොඳ නිර්මාණ කරලා ප්‍රේක්ෂකයෝ අතරට එන්න බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ගෙ ආදරය නිසා මම ඔවුන් වෙනුවෙන් දෙයක් අනිවාර්යයෙන්ම කරනවා.

මහේෂාගේ ජීවිතේ තවත් බලාපොරොත්තු ඇති..?

මම දැනටමත් සංගීත පන්ති කරනවා නොමිලේ. නැති බැරි ළමයින්ට ඉගෙනීම සඳහා උදවු කරන්න බලාපොරොත්තු වෙනවා දිගටම. විශ්වවිද්‍යාලයෙන් අයින් වුණාට පස්සේ කථිකාචාර්යවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රටේ හොඳ නමක් තියාගන්න පුළුවන් ගායිකාවක් වෙන්නත් බලාපොරොත්තු වෙනවා.

මහේෂාට ස්තූති කරන්නත් පිරිසක් ඉන්නවා නේද..?

දෙරණ ආයතනයේ නිෂ්පාදක මණ්ඩලය ඇතුළු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ අම්මා, තාත්තා, මල්ලි ඇතුළුව මගේ ගමේ මට උදවු කරපු සියලු දෙනාටම, මගේ විශ්වවිද්‍යාලයේ සියලු දෙනාටම, ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලය සහ නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි විද්‍යාලයේ විදුහල්පතිවරුන් ඇතුළු සියලු දෙනාටත් වචනයකින් හරි මට උදවු කරපු හැමෝටම බොහොම පින්. බොහොම ස්තුතියි.

ඉරේෂා කල්හාරි සේනාධීර

අභියෝගය මමයි - සුනීර

මුලින්ම ඔබ ගැන විස්තරයක් කිව්වොත්?

මම එස්.එන්. සුනීර සුමංග ඩයස්. වයස අවුරුදු 20යි. ක¼දාන ද මැසිනද් විදුහලෙන් තමයි මම අධ්‍යාපනය ලැබුවේ. මගේ උපන්ගම පොල්ගහවෙල. නමුත් මම දැන් ඉන්නේ රාගම. තාත්තා ඉන්නෙ මාලදිවයිනේ. සමහරවිට අවසන් මහා තරගයට තාත්තා එයි. අම්මයි, නංගියි ඉන්නවා. නංගි තවම පාසල් යනවා.

අවසන් මහා තරගයට තේරී පත්වීම ගැන මොකද හිතෙන්නෙ?

මගේ කටහඬ ගැන ලොකු සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා. මේක ලොකු හීනයක්. අවසන් 48ට තේරිලා ඊළඟට 12ට, 5ට, 4ට තේරිලා දැන් අවසන් මහා තරගයේත් මම ඉන්නවා. කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ.

අවසන් මහා තරගයට එන්න පුළුවන් වෙයි කියලා මුලදී හිතුවාද?

මම අමරදේව සර්ගෙ "කුමරියක පා සළඹ" ගීතය ගායනා කළා. ඒකේ වීඩියෝවට ලක්ෂ 8කට වඩා මඪඥඹඵ ප්‍රමාණයක් තිබුණා. හැමතිස්සෙම විනිශ්චය මණ්ඩලයත් මට කිව්වා අවසාන වෙනකම්ම තරගයේ ඉන්න ඕන කියලා. කොහොමත් මගේ ඔළුවේ තිබුණා අවසානයටම මම යයි කියලා.

විනිශ්චය මණ්ඩලයෙන් ලොකුම ප්‍රතිචාර ලැබුණෙ ඔබ ගයපු මොන ගීතයටද?

මම අමරදේව සර්ගෙ "මින්දද හී සර" ගීතය ගායනා කරපු දවසෙ විනිශ්චය මණ්ඩලයෙ තුන්දෙනාම නැඟිටලා මට ප්‍රසාදය පුද කළා. ඤපඥචථ ඵබචප ඵඥචඵධද 7 ඉතිහාසයේ මෙහෙම සිදුවීමක් වෙලා තිබුණෙ නැහැ. මේක තමයි ප්‍රථම අවස්ථාව.

සුනීරට මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විදෙස් රටවලින් පවා මට ජචතත කරලා සුබ පතනවා. ඒවා ඇත්තටම ලොකු හයියක්.

වැඩිපුරම සුනීර කැමැති මොන ශෛලියේ ගීත ගයන්නද?

මම හැම ශෛලියකටම ආසයි. ඒත් ප්‍රධාන වශයෙන්ම ශාස්ත්‍රීය සංගීතයට කැමැතියි.

තරග කරන අනිත් දෙදෙනාගෙන් සුනීරට වැඩිපුරම අභියෝගයක් වෙන්නෙ කවුද?

දෙන්නාම අභියෝගයක්. දෙන්නාගෙ දක්ෂතා දෙකක්. මහේෂා අක්කත් හින්දි ගීත, ශාස්ත්‍රීය ගීතවලට දක්ෂයි. එයා ශාස්ත්‍රවේදී උපාධියක් කරලා තියෙනවා. ශලීන් මල්ලිත් ලොකු අභියෝගයක්. මම මාව අභියෝගයක් කරගෙන ඉදිරියට යන්න තමයි උත්සාහ කරන්නේ.

ඩ්‍රීම් ස්ටාර් වෙන්න ගීත ගායනා කිරීමේ හැකියාවක් විතරක්ම තිබිලා ප්‍රමාණවත්ද?

නැහැ. මම හිතන්නෙ වාසනාවත් තියෙන්න ඕන. ඒ වගේම මිනිසුන්ගේ ආදරයත් තියෙන්න ඕන.

SMS මනාපවලට වියදම් කරනවාද?

මම හොඳින් ගීත ගායනා කරලා මගෙ හැකියාව පෙන්වනවා. ඊට අමතරව මම හැමෝටම කියනවා මට ඉර්ඉ එවන්න කියලා. අපේ ගමේ කට්ටිය එකතු වෙලා හැමතැනම ගිහින් ජචපඤ බෙදලා ලොකු සහයෝගයක් මට දෙනවා.

සංගීතය ගැන සුනීර හදාරනවාද?

උදිත සර් මගේ මුල්ම සංගීත ගුරුවරයා. ඊට පස්සේ අකිල සර්, රජිව් සර්, රුක්ෂාන් සර් සහ උපුල් සර් මට හුඟාක් උදවු කළා. මගේ හඬ පාලනයට උදවු කරන්නේ අපේ ගමේ ජගත් අයියා. රෝස් අලගියවන්න අයියත් මට උදවු කරනවා.

ස්තුති කරන්න පිරිසකුත් ඇති නේද?

අපේ ආදරණීය විනිශ්චය මණ්ඩලයට ස්තුති කරන්න ඕන. නදීක සර්, කීර්ති සර්, සමිතා මිස්, සමන්ත සර්, රෝහණ බෝගොඩ සර්, ඒ වගේම අපේ දෙරණ කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුති කරන්න ඕන.

සුනීරගේ මේ ගමන් මාර්ගයේ අවසාන අරමුණකුත් ඇති නේද?

කොහොම හරි මගේ අම්මාවයි, තාත්තාවයි තැනකට ගේන්න ඕනි. අපි දැන් නැවතිලා ඉන්නෙ අම්මාගෙ අක්කාගෙ ගෙදර. ඒ හැමදෙයක් එක්කම මට ඕන අපේ රටේ සංගීතය හොඳ තැනකට ගේන්න. දැන් මල් සංගීතය කියලා එකක් බිහිවෙලා තියෙනවා. අපිට ඕනෙ ඒක ගුණාත්මක සංගීතය පැත්තට ගේන්න. මට ඕනෙ අනාගත සංගීතයට හයියක් වෙන්න.

ලක්ෂිකා දිව්‍යාංජලි වීරකෝන්

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon