රාජ්‍ය සේවා පාපන්දු තරගාවලිය අද-හෙට

  👤  943 readers have read this article !
Published by : MB WEB 2017-12-07 13:29:15

ගමිත දෙහිපිටිය

රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කරන සත් සාමාජික පාපන්දු තරගාවලිය මෙම මස අද සහ හෙට ගම්පහ ශ්‍රීබෝධි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කෙසේ වෙතත් වයස අවුරුදු 40න් ඉහළ හා වයස අවුරුදු 40න් පහළ යන කාණ්ඩවලින් පැවැත්වෙන මෙම තරගාවලිය සදහා රාජ්‍ය ආයතන 40කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර පළමුවරට උතුරු සහ නැඟෙනහිර පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 10ක් සහභාගී වීම විශේෂත්වයකි.

මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0714434854 යන දුරකතනය ඔස්සේ රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ පරිපාලන ලේකම් අමතා ලබාගත හැක. මේ අතර රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කරන රාජ්‍ය සේවා මලල ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින දියගමදී පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon