සා.පෙළ සිසුන්ට හැඳුනුම්පත් ගන්න සුහුරුපාය සෙනසුරාදාත් විවෘතයි

  👤  1402 readers have read this article !
Published by : MB WEB 2017-11-23 15:04:21

ආරියරත්න ගනේගොඩ

ලබන දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම හා ඒ සම්බන්ධ විවිධ සේවාවන් සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන කාර්යාලය මෙම මස 25 වැනි දින (සෙනසුරාදා) විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එදින හැඳුනුම්පත් අවශ්‍යතා හා ඒ සම්බන්ධ ගැටලු විසදා ගැනීමට සිසු සිසුවියන්ට අවස්ථාව සලසා ඇතැයිද කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා "මව්බිම"ට පැවැසීය. මෙතෙක් ජාතික හැඳුනුම්පත ලැබී නොමැති වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පාසල් සිසු සිසුවියන්ට සිය මවුපියන් සමඟ පැමිණ අදාළ ගැටලු විස¼දාගත හැකි බවද කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon