සපුගස්කන්දේ විදුලි ජනක යන්ත්‍ර තුනක් අක්‍රිය වුවත් විදුලිය සැපැයුමට බාධාවක් නෑ

  👤  1256 readers have read this article !
Published by : MB WEB 2017-11-21 14:37:48

ආරියරත්න ගනේගොඩ

සපුගස්කන්ද විදුලි බලාගාරයේ ජනක යන්ත්‍ර තුනක් අක්‍රිය වී තිබෙන නමුත් අඛණ්ඩ විදුලි සැපයුමට එයින් එතරම් බලපෑමක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

එම යන්ත්‍රවල අලුත්වැඩියාවක් මේ වන විට සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

නියමිත කාලයට අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් අදාළ ජනක යන්ත්‍ර 3 අක්‍රිය වී ඇතැයිද එක් යන්ත්‍රයක් දෙසැම්බර් මාසයේදී, දෙවැනි යන්ත්‍රය 2018 ජනවාරි මාසයේදී පමණද අලුත්වැඩියා කටයුතු නිමවීමට ඉඩ තිබෙන බවද ජයවර්ධන මහතා පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon