දුරකතන තොරතුරු හෙළි කිරීම වරප්‍රසාද කඩවීමක්

  👤  1479 readers have read this article !
Published by : MB WEB 2017-11-20 14:31:56

කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ දුරකතන සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම මඟින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී තිබෙන බවත් තවමත් කිසිදු මන්ත්‍රීවරයකු වරදකරුවකු නොවන බවත් මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමක් කැඳවා සුදුසු පියවරක් ගන්නා බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිඇල්ල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, බැදුම්කර සිදුවීම සම්බන්ධව මන්ත්‍රීවරුන් කීපදෙනෙකු සම්බන්ධ දුරකතන ඇමැතුම් සිදුවීම පිළිබඳව ඇතිව තිබෙන තත්ත්වය පැහැදිළි කරමිනි.

එහිදී සභාව ඇමතූ අමාත්‍යවරයා,

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාවක් විමර්ශන කොමිෂන් සභාව හමුවේ තබා තිබෙනවා. මෙහි සැබෑ තත්ත්වය වනුයේ, අර්ජුන් ඇලෝසියය්ස් විසින් තමාට පක්ෂව කෝප් වර්තාවේ යම් වෙනස්කම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් මෙම සාමජිකයන් පස් දෙනා අමතන ලද්දේ නම් ඔහු ඔවුන් වෙතින් කිසිදු ආකාරයක අනුග්‍රහයක් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවය.

කොමිෂම අධිකරණයක් නොවේ. මන්ත්‍රීවරුන් කිසිවෙකු වරදකරුවන් ලෙස හඳුනාගෙන නෑ. අප වෙත පැනනගින ප්‍රශ්නය වනුයේ විශේෂයෙන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකතන වාර්තා රහසිගතව සටහන් කරන ලද්දේ කවරෙකුගේ උපදෙස් මතද සහ කවර අරමුණක් වෙනුවෙන්ද යන්නයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කිය සිටියේ මෙම තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම වැරදි සහගත බවත් තොරතුරු ලබාගැනීමට ප්‍රථම කතානායකවරයාගේ අවසරය ලබාගත යුතුය යන්න තම හැඟීම බවත්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon