නිලුකා හා අරුණසිරි චීනයට

  👤  1501 readers have read this article !
Published by : MB WEB 2017-11-17 12:36:57

විචිත්‍ර වීරසිංහ

චීනයේ ඩොන්ගුවාන්හිදී පැවැත්වෙන 14 වැනි ආසියානු මැරතන් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් එක් ක්‍රීඩකයකු හා ක්‍රීඩිකාවක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. ඒ අනුව මේ මස 26 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ මැරතන් ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයකු වන නිලුකා ගීතානි රාජසේකර හා ධම්මික අරුණසිරි සහභාගි වෙයි. 2015 වසරේදී හොංකොං මැරතන් තරගාවලියට සහභාගි වෙමින් පැය 2යි විනාඩි 40.07ක කාලයක් සහිතව නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබූ නිලුකා එම වසරේදීම චීනයේ බීජිංහි පැවැති ලෝක මලල ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ 49 වැනි ස්ථානය දිනා ඇති අතර පසුගිය වසරේදී බ්‍රසීලයේදී පැවැති ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.

කෙසේ වුවත් තරගාවලියට සහභාගි වන ධම්මික අරුණසිරි පැය 2යි විනාඩි 29.10ක කාලයක් සටහන් කරමින් 2014 වසරේදී ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මැරතන් ඉසව්ව ජය ගැනීමට සමත් වී තිබිණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස බර්නාඩ් පෙරේරා මහතා එක්ව සිටින අතර, ජානක ප්‍රසන්න මහතා පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon