හිලිවුඩයේ ව්සඳෙන අලුතම අබිරහස 'Murder on the Orient Express'

  👤  770 readers have read this article !
Published by : MB WEB 2017-11-11 16:19:41

රුවින්ද වීරසිංහ

හොලිවුඩ් රිදී තිරයට අලුතෙන්ම පිවිසුණු තවත් අපූර්ව චිත්‍රපටයක් තමයි "Murder on the Orient Express" කියන්නේ. අබිරහසක් මූලික කරගත් නාට්‍යමය චිත්‍රපටයක් ලෙසයි මෙය වර්ග කර තිබෙන්නේ.

Agatha Christie විසින් 1934දී මෙම නමින්ම රචිත නවකතාවක් මත පදනම්ව මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව 1930 දශකයේ යුරෝපයේ දුම්රියක් තුළ සිදුවන අබිරහස් මිනීමැරුමක නොවිසඳුණු අබිරහස විසඳීම වෙනුවෙන් රහස් පරික්ෂකවරයකුට මුහුණදීමට සිදුවන සිද්ධිදාමයන් ඔස්සේ තමයි මෙම චිත්‍රපටය ඉදිරියට ගලා යන්නේ.

Penelope Cruz, Willem Defoe වැනි පිරිසකගේ රංගනයෙන් හැඩ වී ඇති මෙම චිත්‍රපටය Kenneth Branaghගේ අධ්‍යක්ෂණයක්.

Ridley Scott ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයක්ද වන මෙය රිදී තිරයට පැමිණියේ නොවැම්බර් 10 වැනිදා සිටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්