සමනලයන් ජාවාරමට චීනයෙන් සිර දඬුවම්

  👤  721 readers have read this article !
Published by : MB WEB 2017-11-10 16:33:42

මියගිය සමනලයන් දහස් ගණනක් නීති විරෝධී ලෙස රට තුළට ගෙන ආ තිදෙනකුට චීනයේ නැඟෙනහිර ෂැන්ඩොන් පළාතේ පිහිටි ජී නෑන්හි අධිකරණය මඟින් සිරදඬුවම් ලබාදී තිබේ.

මෙම තිදෙනාට වසර 5, වසර 7 සහ වසර 10 බැගින් වූ සිරදඬුවම් නියම වූ බව සින්හුවා ප්‍රවෘත්ති සේවය කියයි.

2016 වසරේදී ඇඳුම් සහිත ලෙස හැඟවූ ඇසුරුම් විවර කළ විට දහස් ගණනක් වර්ණවත් සමනලයන් සොයාගැනීමට හැකි වී ඇත. එම සමලනයන් අන්තර්ජාලය හරහා මිලදී ගෙන ෆ්‍රේම් කොට විකිණීම සඳහා චීනයට ගෙන ආ බව හෙළි විය. මෙය චීන බලධාරීන් විසින් අනාවරණය කරගත් විශාලතම සමනල ජාවාරම ලෙස හැඳින්වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්