ලෝකෙ ශක්තිමත්ම සොල්දාදුවා අම්මා KGF Chapter 1

  👤  1409 readers have read this article !
Published by : MB WEB 2019-02-12 14:27:09

ශාරුක්ගේ රජිනිගේ බිලියන ගණන් budget දාපු ෆිල්ම් අස්සේ මේ දවස්වල තැන තැන කතාවෙන කන්නඩ ෆිල්ම් එකක් එළියට එනවා. මේ වෙද්දී භාෂා 5කට වඩා Dubbing කරලා හිට් වෙමින් තියෙන ෆිල්ම් එකක්.

Kolar Gold Field සුද්දගේ කාලෙටත් එපිට රත්රන් පතලක්. රත්රන් වෙළෙ¼දාමේ අයිතිය වෙනුවෙන් සටන්වදින දෙපිරිසක් මැදට "බලය" හොයාගෙන එන රොකී ගැනයි KGF chapter1 හැදෙන්නේ. පිටපතක් අධ්‍යක්‍ෂණයත් ප්‍රශාන්ත් නීල්ගේ.

හැමෝම හිතන්නේ එයාලට සල්ලි තියෙනවා නම්, එයාලට හුඟක් සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. ඒත්, සල්ලි නැතිව කාටවත් සාමකාමීව මිය යන්න බැහැ

මිනිසුන්ට වැදගත්ම වෙන්නේ සල්ලිවලටත් වඩා 'බලය', අම්මා නැතිවෙන රාජා ක්‍රිෂ්ණප්පා බෛර්යා අහම්බෙන් හම්බවෙන හිඟන්නා නිසා තමන්ගේ අරමුණ ගැන අයිඩියා එක හදාගන්නවා, සල්ලි සහ බලය ලබාගන්න හැටි ගැන.

අවුරුදු 3ක ඉඳන් ප්ලෑන් කරපු මේ ෆිල්ම් එකේ මොනම තත්පරයක්වත් නතරවෙන්නේ නෑ. සමහර සිද්ධීන් චරිත වෙනුවෙන් වෙන් කරන වෙලාව හිතා ගන්න බැරි තරමින් එහෙ මෙහෙ වෙනවා. කතාව හොයාගන්න තියෙන වුවමනාවත් එක්ක ඒ කොයිම මොහොතක්වත් චිත්‍රපටයෙන් එළියට යන්නෙත් නෑ.

ප්‍රධානම දේ ඉතිහාසය කතාවක් විදියට මේක කරන්නැතිව වර්තමානයේ ටීවී ඉන්ටවීව් එකක් එක්ක සම්බන්ධකිරීම හරි නැවුම් ප්‍රබන්ධයක් කියලා තේරෙන නොතේරෙන ගානින් නතර කරනවා.

මුල් විනාඩි 15 ගෙවෙන තැන රාජා ක්‍රිෂ්ණප්පා බෛර්යා කියන කොල්ලා චිත්‍රපටයේ රොකී බවට පත්වෙනවා පොලිස් නිලධාරියෙක්ට ගහලා. විනාඩි 30දී තමන්ගේ බොම්බායේ බොසා ෂෙට්ටිගෙන් මිදිලා තමන්ගෙම ලෝකයක් හදාගන්න බැංගලෝර්වලට එනවා. හරියටම පැයක් ගතවෙන තැන චිත්‍රපටයේ දුෂ්ටයා නැත්නම් ගරුඬාව හඳුන්වලා දෙනවා. ඒ හඳුන්වා දීම හරි සංකීර්ණයි. කවුද කවුද කවුද කියලා කැපෙන හැම ෂොට් එකකම වගේ අපි බලන් ඉන්නවා. ඉංග්‍රීසි චිත්‍රපටවලදී වගේ Structure එකක් ඇතුළේ ඉන්දියාවේ සිනමාව කවදාවත් හිටියේ නෑ කියන අයට හොඳ උදාහරණයක් මේක. මේක එක විනාඩියකවත් ස්ලයිඩර් එක යවන්නැතිව බලන්න පුළුවන් මට්ටමේ කලර්ස්. හිතාමතාම රතු ඉතුරු වෙන්න අනෙක් කලර්ස් අයින් කරලා කටුක බව මතු කරන්න කළු සුදු වර්ණවලට ගිහින් තියෙනවා.

ෆිල්ම් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනකොට අතීතෙට ආපහු දුවන පොඩි කාලේ රොකීගෙ ෆ්‍රේම් එක හයි අෑන්ගල් එකකින් ඉක්මනටම පෙන්නලා ආයෙත් මිඩ් එකකට එනවා. අපට හුරු සිනමාවේ නම් ගොඩක් වෙලාවට හයි අෑන්ගල් ෂොට් එකේම මේක තියාවි ටිකක්වෙලා... ඒවගේම බ්ලැක් ෆ්‍රේම් පාවිච්චි කිරීම අලුත්ම දෙයක්. හඬ ඉතුරු වෙන්න අඳුරේ ප්‍රේක්‍ෂකයා තියලා අවධානය ගැනීමක් වගේ දෙයක් තැනින් තැන තිබුණා.

සිද්ධි ගැළපීම චිත්‍රපටයේ මුල මැද අග කියලා නෑ. අන්තිම මොහොතෙත් අම්මාගේ අතීත සිද්ධීන් එක්ක කැපෙනවා. නැත්නම් ආයෙත් ටීවී ඉන්ටවීව් එකට යනවා. මේ ෆාස්ට් කැපීම නිසා සමහර විට එක පාරක් බැලුවත් මදි. සබ් එක්ක චිත්‍රපටය කියෝගෙන යන අපට ඒ වේගේ දරාගන්න අමාරුයි ටිකක්.

අන්තිම මොහොතේ slow motion එකක කවුරුත් බලාපොරොත්තු නොවෙන්න ඇති. ගරුඬා කියන්නෙමරන්නම ඕනේ කෙනෙක් විදියට දැනිලා නොඉවසිල්ලෙන් ඉන්න මොහොතක සෑහෙන්න දිග slow motion එකක්.

මේකේ ආඛ්‍යානය සැරෙන් සැරේ වෙනස් වෙනවා. එකෙක් නෑ. කීප දෙනෙක්ම මේක ඇතුළේ මේ කතාව කියනවා. මේ කතාව මුලින්ම කියන්න පටන් ගන්නේ ආනන්ද පුවත්පත් කලාවේදියා. නමුත් ඉදිරියට යන්න යන්න සැරින් සැරේ පසුබිම් හඬත් එක්ක කියන කෙනා මාරුවෙනවා.

අන්තිමට ෆිල්ම් එකක් බලලා ඉවර වුණාම behind the scenes බලන එක වෙනමම ඉගෙන ගැනීමක්. මේ චිත්‍රපටය ඇත්තටම ලොකේෂන් එකේ අලුතින්ම හදපු සෙට් එකක ෂූටින් පටන් අරන් ටික කාලෙකින් වැස්සට මුළු සෙට් එකම විනාශ වුණා කියලා තිබුණා. ඒ විඳපු අනන්ත කට්ට චිත්‍රපටයක් ඇතුළේ පේන්නේ නැති වුණත් මහන්සියේ ප්‍රතිඵල තියෙනවා.

ෆිල්ම් එකේ අවසානයේ රොකී කියන්නේ කතාවේ දුෂ්ටයාද වීරයාද හිතාගන්න බැරි තැනකින් නවතිනවා. ඒක බලාගන්න නම් chapter 2 බලන්න වෙනවා. ඉවරයක් නොවුණු කතාවක් හදලා, 2 වැනි කොටසක් එනකම් බලන් ඉන්න ප්‍රේක්‍ෂකත්වයක් හදාගත්ත එකම ෆිල්ම් එකත් වෙන්න ඇති.

උඹ උඹේ පිටි පස්සේ ඉන්න මිනිස්සු දාහකගේ ශක්තිය අරගෙන නම් ඉන්නේ...

උඹට දිනන්න පුළුවන් එක යුද්ධයයි ඒත් උඹ උන්ව මෙහෙයවනවා නම්...

ඒ මිනිස්සු දාස් දෙනාගේ බය නැති කරනවා නම්

උඹට ලෝකේම දිනන්න පුළුවන්!
සලාම් රොකී බායි!!!

සුජානි සෙව්වන්දි විජේසුන්දර

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon