මියගිය තරුණිය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිවිල් සංවිධාන වීදී බසී

  👤  1536 readers have read this article !
Published by : MB WEB 2019-02-12 13:09:00

හැටන් නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක හෙදියක් ලෙස සේවය කල සේවිකාවක් එම වෛද්‍ය මධ්‍යස්ථානය තුලදි සිය දිවි හානි කරගැනිම සම්බන්ධයෙන් විධීමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බල කරමින් වතුකරයේ සිවිල් සංවිධාන කිහිපයක් අද (12)හැටන් දික්ඔය නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

මෙම තරුණිය ඉකුත් මස 3 වෙනි දින ඇගේ ඥතින්ට දුරකථන හඩ පටයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා හොද චරිතයකින් යුක්ත අයෙකු නොවන බවත්, තමන්ට එම වෛද්‍යයවරයාගෙන් ලිංගික අතවර සිදු විම නිසා තමන්ට සමාජයට මුහුණ දිමට නොහැකි තත්ත්වයත් මත තමා ආතතියට ලබා ගන්නා ඖෂධ පෙති 90 පානය කර සිය දිවි හානි කර ගන්නා බවයි.

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථායේදි සිය දිවි හානි කරගෙන තිබුණේ තලවකැලේ වටගොඩ ප්‍රදේශයේ පදිංචි එස්.ශාන්තිනි නැමති 23 හැවිරිදි තරුණියක්.

මෙම තරුණිය සේවය කල වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා කොටගල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා වශයෙන් සේවය කරන අතර ඔහු දික්ඔය මුලික රෝහලේ කෙටි කාලයක් රෝහල් අධිකාරිවරයා වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon