ගාල්ල විද්‍යාලෝක කොල්ලුපිටිය ශා. තෝමස් අවසන් තරගය අද

  👤  1796 readers have read this article !
Published by : MB WEB 2019-02-12 07:46:24

ඉෂාන් රශ්මිත

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (12) හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එහිදී මෙවර ශූරතාව දිනා ගැනීමට රශ්මික ප්‍රභාත්ගේ නායකත්වයෙන් යුත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ ලියම් තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාලය අවසන් තරගයේදී තම දෙපිලේ දස්කම් උරගා බලනු ඇති අතර, මෙම කණ්ඩායම් දෙකම ඉදිරි තරග වාරයේ සිට පළමු කොටස යටතේ තරග වැදීමට උසස්වීම් ලබනු ඇත.

ගාල්ල විද්‍යාලෝක විද්‍යාල සංචිතය: රශ්මික ප්‍රභාත් (නායක), නිමේෂ් අරවින්ද, දසුන් චමෝද්, ප්‍රගීත් බිම්සර, රෙෂාන් බෙනාෂ, පසන් මධුසංක, සෙනරු නිදුවර, සසංග රවිඳු, ලිදුල නුවංග, සදිල් සෙනූධ, බුනධ ජිත්නුක, දෙසාත් රශ්මිත, දුලින පූජාන්, උපේක්ෂ කාවින්ද, කවිඳු සත්සර, තුසිත කාරියවසම්, එල්. ආර්. මනතුංග මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), පී.පී.ඩබ්ලිව්. සෙනෙවිරත්න මහතා (විදුහල්පති)

කොල්ලුපිටිය ශාන්ත තෝමස් විද්‍යාල සංචිතය: ලියම් තිරිමාන්න (නායක), තිෂේන් ඇහැලියගොඩ (උප නායක), රමිත් එල්ලාවල, යසින්ද්‍ර සිරිවර්ධන, එල්. ද සිල්වා, සවීන් කෝදාගොඩ, ඕ. වීරසේකර, බී. බෙන්ජමින්, ඒ. අම්සාරි, ඒ. ද සිල්වා, වයි. වර්ණකුලසූරිය, නෙරේෂ් රංජිත්කුමාර්, එන්. ඉක්රම්, බී. බාලකුමාර්, එන්. ප්‍රනාන්දු, සාබු වීරසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු), මිහිරාන් වික්‍රමසිංහ, ඒ. ආනන්දන් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), ජේ. සේනානායක මහතා (සහාය ක්‍රිකට් භාර ආචාර්ය), දුෂාන්ත රොද්‍රිගෝ පියතුමා (විදුහල්පති)

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon