ජාතික දින වොලිබෝල් තරගාවලියෙන් මඩවල සුහද ක්‍රීඩා සමාජයට ජය

  👤  1800 readers have read this article !
Published by : MB WEB 2019-02-12 07:23:53

මාතලේ - හේවා පී. කරුණාරත්න

හැත්තෑ එක් වැනි ජාතික දිනයට සමගාමීව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සංවිධානය කළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාවය මඩවල සුහද ක්‍රීඩා සමාජය දිනාගත් අතර උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පිරිමි අනුශූරතාව දිනා ගත්තේය. කාන්තා අංශයේ ශූරතාව, නාඋල ශ්‍රී නාග කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාව මැටිහක්ක මහින්ද කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

මාතලේ දිස්ත්‍රික්කයටම විවෘතව පැවැති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 18ක් සහභාගි වූහ. අවසන් මහ තරග 71 වැනි ජාතික දින ප්‍රධාන උත්සවයෙන් අනතුරුව මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්. කේ.ජී. පෙරේරා හා අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක යන මහත්වරුන් විසින් ජය සංකේත ප්‍රදානය කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon