ISIS සටන්කාමීන් සිරියාවෙන් පලවාහැරීමේ තීරණාත්මක සටන ඇරැඹේ

  👤  1438 readers have read this article !
Published by : MB WEB 2019-02-11 13:23:39

එක්සත් ජනපදයේ අනුබලය ලබන කුර්දිවරුන් ප්‍රමුඛ සිරියානු හමුදාවන්, ISIS සටන්කාමීන් සිරියාවෙන් පලවාහැරීමේ අවසන් සටනට එළැඹ සිටින බව වාර්තා වේ. ඒ අනුව එම සටන්කාමීන් මේ වනතුරු ගැවසෙමින් සිටින නැඟෙනහිර පෙදෙසේ වර්ග කිලෝමීටර් 4ක පමණ ඩෙයිර් අස් සෝර් පළාතේ සිටි 20,000කට අධික සිවිල් වැසියන් ඉන් ඉවත් කරනු ලැබ ඇත.

බැගෞස් ග්‍රාමයේ සිට මෙම තීරණාත්මක සටන දියත් කෙරෙනු ඇතැයි සිරියානු හමුදා ප්‍රකාශක මුස්තාෆා බාලි, ට්විටර් පණිවිඩයක් මඟින් ප්‍රකාශ කළේය.

මෙම සීමිත ඉඩකඩ තුළ සටන්කාමීන් 600ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon