කුරුණෑගල දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ ජය රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට

  👤  1485 readers have read this article !
Published by : MB WEB 2019-02-11 07:24:09

හිරියාල - කේ.පී. සුනිල්

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය වසර දෙකකට වරක් සංවිධානය කරන කුරුණෑගල දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ 2018 වසරේ සමස්ත ශූරතාව ලකුණු 271ක් ලබාගත් රිදීගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කණ්ඩායම දෙවැනි වරටත් දිනා ඇත.

මෙහි අනුශූරතාව ලකුණු 163ක් ලබාගත් කුරුණෑගල ශික්ෂණ රෝහල් කණ්ඩායම හිමිකරගත් අතර ලකුණු 97ක් ලබාගත් කුලියාපිටිය මූලික රෝහල් කණ්ඩායම තෙවැනි ස්ථානය හිමිකරගෙන තිබේ. ක්‍රීඩා උළෙල කුරුණෑගල වෙලගදර ක්‍රීඩාංගණයේදී ඉකුත්දා පැවැත්විණි.

ක්‍රීඩා උළෙල සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තිහක්, රෝහල, බන්ධනාගාර, මාර්ග සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍ය ආයතන 60ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ. කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතා අතින් ශූරතා කුසලාන රිදීගම ප්‍රාදේශීය ලේකම් එම්.එස්.එම්. නවාස් මහතා වෙත ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon