යුරෝපා සංගමය තෙරේසාට බෑ කියයි

  👤  1617 readers have read this article !
Published by : MB WEB 2019-01-31 14:22:32

යුරෝපා සංගමයෙන් ඉවත්වීම (බේ‍රක්සිට්)

පිළිබඳ නව යෝජනාවලියට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය ලැබීමෙන් පසු, නුදුරේදී නැවතත් යුරෝපා සංගමයේ නායකයන් සමඟ නව වටයකින් සාකච්ඡා ඇරඹීමට තමන් සූදානම් බව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසා ඇත. නමුත් අගමැතිවරිය හා එළැඹී ඇති නෛතික ලියවිල්ල වෙනස් නොකරන බවත් තවදුරටත් සංශෝධන නැති බවත් යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් ප්‍රතිචාර දක්වමින් පවසා තිබේ.

බේ‍රක්සිට් යෝජනාව කෙරෙහි බි්‍රතාන්‍ය මන්ත්‍රිවරුන් සහ යුරෝපා සංගමය දැක්වූ අදහස් සැලකිල්ලට ගනිමින් සංශෝධනය කෙරෙන නව යෝජනාවලිය හැකිතාක් කඩිනමින් 'අර්ථාන්විත ඡන්දයක්' සඳහා යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව තෙරේසා මේ කියා සිටී. යුරෝපා සංගමයෙන් බි්‍රතාන්‍යය ඉවත්වීමේදී අයර්ලන්තය තුළ දේශසීමා පැනවීම පිළිබඳ නිර්ණායකය (බැක්ස්ටොප්) විවාදයට තුඩුදී ඇති අතර මෙම අර්බුදය විසඳීමට හරස් වන ප්‍රධාන බාධකය වී තිබේ.

එය සංශෝධනය කරන්නැයි බි්‍රතාන්‍යය කරන ඉල්ලීම යුරෝපා සංගමය තරයේ ප්‍රතික්ෂේප කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon