පොඩි මල්ලියි චූටි මල්ලියි කරන අලුත් වැඩේ අත ළඟ

  👤  1167 readers have read this article !
Published by : MB WEB 2019-02-02 09:04:54

පොඩි මල්ලියි චූටි මල්ලියි එකතු වෙලා අලුත් වැඩක් කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියි..?

ඔව්. අපි ෂෝ එකක් කරනවා. අපි නොදන්න On Stage  නමින් තමයි අපි මෙය පවත්වන්නේ. මේක අලුත්ම ෂෝ එකක්. පෙබරවාරි 2 BMICH  හිදී තමයි මෙය පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මෙහි ටිකට් පත් 0117222121 දුරකථන අංකයට කතා කරලා වෙන්කර ගැනීමේ හැකියාව තියෙනවා.

මෙය මොන විදියේ ආකෘතියක ප්‍රසංගයක්ද?

මෙය  Talk Show එකක් විදියට තමයි කරගෙන යන්නේ. මම සහ ගාමින්ද පැය දෙකක් පුරා කතාබහ කරමින් ප්‍රේක්ෂකයන්ව සතුටු කරමින්  Stand up Comedy Show එකක් විදියට මෙය කරගෙන යනවා.


ඔබ දෙපළගේ ඉදිරිපත් කිරීම් වෙනුවෙන් කාලය වෙන් කරන්න බලාගෙන ඉන්න ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියලා හිතනවද?

ඔව්. අපි පසුගිය වසරේ පොඩි මල්ලියි චූටි මල්ලියි කරන අලුත් වැඩේ අත ළපොඩි මල්ලියි චූටි මල්ලියි කරන අලුත් වැඩේ අත ළඟ එකේදි කරපු ෂෝ එක බලන්නත් විශාල පිරිසක් ආවා. ශාලාවේ ප්‍රමාණයටත් වඩා සෙනඟ හිටියා. අපි කරන ඉදිරිපත් කිරීම් රසවිඳින්න කැමැත්තෙන් ඉන්න විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.

දැන් තිබෙන සමහර හාසේ‍යාත්පාදක ප්‍රසංගවල පරුෂ වචන, දෙපිට කැපෙන වචන පාවිච්චි කරන එක රැල්ලක් වෙලා. මේ ප්‍රසංගය ඇතුළෙත් ඒ දේවල් තියේවිද?

නැහැ. ඩබල් මීනින් කතා අපේ ෂෝ එකේ නෑ.

ඒ පවත්වාගෙන ආපු තත්ත්වය ආරක්ෂා කරගන්න ඕන නිසාද?

අපි මේ තාක් ර්චඪදබචඪද කරපු දෙයක් තියෙනවා. අපි කරන විහිළුවලින් අපි කාවවත් රිද්දලා නැහැ. අපි විහිළුවට ලක් කරන කෙනාවත් හිනස්සනවා. කාටවත් රිද්දලා කාටවත් විහිළුවලින් ගහලා මේ වැඩේ කරන්න අපි කැමැති නැහැ. බ්ලැක් ජෝක් අපේ වැඩේ ඇතුළේ නැහැ.

පොඩි මල්ලියි චූටි මල්ලියි එකතු වෙලා දැන් කොච්චර කල්ද?

අපි දෙන්නා හඳුනාගෙන දැන් අවුරුදු විසි දෙකක් වගේ වෙනවා. 1997 දී ජාතික තරුණ සේවා සභාවේ ඉගෙන ගන්න කාලෙදි තමයි අපි හඳුනාගන්නේ. එදා ඉඳන් අපි එකට වැඩ කරනවා. ඊට පස්සේ අපි රේඩියෝ, ටී.වී. චැනල්වලටත් එකතු වෙලා එකට වැඩ කරන්න ගත්තා.

එකට වැඩ කරද්දි ප්‍රශ්න මතු වෙනවලු. මේ තාක් දෙන්නා අතර විරසකකම් මතුවෙලා නැද්ද?

නැහැ. අපි අතර මේ තාක් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ.

එහෙම නොවෙන්න දෙන්නා අතර තිබෙන බැඳීමේ රහස මොකක්ද?

අපි දෙන්නා හදාගත්ත බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. අපි ඒක පෝෂණය කරන්න ඕන. අපි කම්පැනි එකක් රෙජිස්ටර් කරලා දෙන්නම එහි අධ්‍යක්ෂවරු විදියට ඉන්නවා. ගොඩක් අයට කීර්තිය, සල්ලි ප්‍රශ්නත් එක්කනේ ප්‍රශ්න ඇති වෙන්නේ. නමුත් අපි ඒ හැමදේම බෙදාගන්න නිසා අපි අතර ප්‍රශ්න නැහැ.

කවදාවත් තනි තනිව ගමනක් යන්න ඕන කියලා හිතිලම නැද්ද..?

අපි තනි තනිව යම් යම් වැඩ කළා. නමුත් අපි විශ්වාස කරනවා අපි එකට ඉන්න එක හොඳයි කියලා. ඒ එකතු වීම ශක්තිමත්.

දෙන්නා එකතු වෙලා තව වැඩ සැලසුම් කරගෙන ඇති..?

ඔව්. මේ වසර ඇතුළත කරන්න අපි වැඩ කිහිපයක්ම සැලසුම් කරගෙන ඉන්නවා. අපි දෙන්නගේ තිරපිටපතකට නිර්මාණය කරපු අපි හඬ කැවීම් අධ්‍යක්ෂණය කළ ගජමෑන් චිත්‍රපටය තිරගත වෙන්න තියෙනවා. අපි දෙන්නා එකතු වෙලා චිත්‍රපටයක් කරන්නත් සැලසුම් කරගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon