බ්‍රසීලයේ පතලක් බිඳී 9 ක් මරුට : 300 ක් අතුරුදන්

  👤  1097 readers have read this article !
Published by : MB WEB 2019-01-26 12:45:49

බ්‍රසීලයේ යපස් පතළක් බිඳීයාම හේතුවෙන් අතුරුදන් වූ 300 කට ආසන්න පිරිසක් සොයමින් සහන කණ්ඩායම් වෙහෙසෙති. ගිණිකොණදිග බ්‍රසීලයේ සිදුවූ මෙම ඛේදවාචකය නිසා 9 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු කර තිබෙන අතරම අතුරුදන්වූ පිරිස ජීවතුන් අතර සිටියදී සොයාගැනීමට තිබෙන අවස්ථාව ඉතාමත් අල්ප බව බලධාරීහු කියති.

යපස් නිධියකින් ගලා ආ දැවැන්ත මඩ ප්‍රවාහයක් වේල්ලට කඩාවැදීම හේතුවෙන් වේල්ලෙන් කොටසක් එහෙම පිටින්ම කඩාගෙන ගොස් තිබේ. අතුරුදන් පිරිස එම මඩ ප්‍රවාහයේ ගිලී ඇති බව කියැවේ.

අතහැර දමන ලද මෙම වේල්ල පිහිටා ඇත්තේ බ්‍රසීලයේ මිනාස් ජේරියස් ප්‍රාන්තයේ 'බෙලෝ හොරිසොන්තේ' නුවරට ආසන්නයෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon