තවත් පරිසර හානියක් කරමින් කෙසෙල්ගමුඔයේ මැණික් ගැරීම ජයටම

  👤  1795 readers have read this article !
Published by : MB WEB 2019-01-23 06:29:51

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි

බගවන්තලාවේ සිට කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ පිහිටි ගල් හාරා එහි තුළ වූ මැණික් ඉල්ලුම් ගොඩගෙන අනවසර මැණික් ගැරීමේ ජාවාරමක් සිදුකරන බවට වාර්තා වේ.


බගවන්තලාව පොලිස් වසමට අයත් ටිනිසින් වත්ත ප්‍රදේශයෙන් කෙසෙල්ගමු ඔයේ ජලය පෞද්ගලික ජල විදුලි බලාගාරයකට රැගෙන යෑම සඳහා වේල්ලක් ඉදිකර ඇති අතර එම වේල්ලට පහළින් ඔයේ ජලය කිලෝමීටරයක් පමණ පහළට ගලා නොබසින නිසා මෙම ජාවාරම්කරුවන්ට මැණික් ගැරීම ජයටම කළ හැකි තත්ත්වයක් ඇතිව තිබේ.

පෞද්ගලික ජල විදුලි බලාගාරවලට ප්‍රධාන ගංගාවක් හරස් කර විදුලි උත්පාදනයට ජලය ලබා ගැනීමේදී ගඟේ ගලා බසිනා ජල ධාරිතාවෙන් 60%ක පමණ ප්‍රමාණයක් ලබාගෙන 40%ක ජල ප්‍රමාණය ස්වාභාවිකව ගඟේ ගලා බැසීමට ඉඩ සැලසිය යුතු බවට එම ජල විදුලි බලාගාර පවත්වාගෙන යෑම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙතින් ලබාදී ඇති බලපත්‍රයේද සඳහන් කර ඇති කොන්දේසියකි.

එම බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ඉදිකර තිබෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයකට විදුලි උත්පාදනය සඳහා කෙසෙල්ගමු ඔයේ ගලා බසිනා සම්පූර්ණ ජල ධාරිතාව ලබාගැනීම හේතුවෙන් මෙම තත්ත්වයන් ඇතිවූ ඇති අතර ගඟේ ජෛව විවිධත්වයටද ඉන් බාධා පැමිණ තිබේ.

අනවසර මැණික් ගැරීම් කළ ඇතැම් ස්ථානවල ගල් යට විශාල උමංද හාරා ඇති අතර මේ නිසා විශාල පරිසර හානියක්ද වී ඇති බව ප්‍රදේශසීහුද පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon