ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

  👤  1921 readers have read this article !
Published by : MB WEB 2019-01-22 15:19:53

ඉන්දුනීසියාවේ සුම්බාවා දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම එකක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් මෙලෙස හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැති අතර භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව ද මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන්ය.

නිරන්තරයෙන් භූ කම්පනවල බලපෑමට ලක්වන ඉන්දුනීසියාවේ 2018 වසරේදී පමණක් භූ කම්පන හේතුවෙන් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon