ඊශ්‍රායලයේ ප්‍රහාර වලින් සිරියානු ජාතිකයින් දෙදෙනකු ඇතුළු 11 ක් මරුට

  👤  1223 readers have read this article !
Published by : MB WEB 2019-01-21 16:12:05

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයන් දෙදෙනකු ඇතුළුව 11 දෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කරයි.

ඉරිදා රාත්‍රියේ සහ අද (21) අලුයම් කාලයේදී සිරියාවේ ඩැමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි ඉලක්කයට එම ප්‍රහාර එල්ල කර තිබේ.

ඩැමැස්කස් නුවර ආසන්නයේ පිහිටි ඉරාන සහ සිරියානු ඉලක්ක කිහිපයකට සහ අගනුවරට දකුණින් පිහිටි සන්නද්ධ ගුවන් තොටුපොළකට ප්‍රහාර එල්ල වී ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය කියයි.

මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය බි්‍රතාන්‍ය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon