කළල්පිටිය පාලමේ ආරක්ෂිත වැට ඉදි කර නෑ

  👤  2002 readers have read this article !
Published by : MB WEB 2019-01-18 07:01:43

මාවනැල්ල-කේ.වී. බණ්ඩාර

බූවැලිකඩ සිට සැලව රහල දක්වා ගමන් කරද්දී කුඩා ඔයට දමා ඇති කළල්පිටියේ පාලමේ ආරක්ෂිත වැට මේ වන තෙක් ඉදි කර නැත. වසර ගණනාවක් මෙම පාලමෙන් පාසල් දරුවන් මෙන්ම වාහන එහා මෙහා ගමන් කරන අතර හෙම්මාතගම නගරයේ සිට වාහනයකින් සැලව හා රහල ගම්මාන වෙත ගමන් කිරීමට ඇති පහසුම ගමන් මාර්ගය මෙම පාලම හරහා වැටී ඇත. එසේ හෙයින් ජනතාව පවසන්නේ මෙම ස්ථානයේ පාලම සඳහා වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවයි.

මෙම පාලම වැසි කාලයේදී ජලයෙන් යට වෙන අතර එහිදී මෙම ස්ථානයෙන් ගමන් කිරීමටද නොහැකි වන අතර මෙම පාලම පිටාර මට්ටමට පැමිණි පසුව සැලව හා රහල ප්‍රදේශවල ජනතාවට අරණායක නගරයට පිවිසීමට ඇති දෙල්කිඳවත්ත පාලම පිටාර ගලයි. ඒ නිසා ජනතාව පවසන්නේ මෙම ස්ථාන දෙකෙන් එක් පාලමක් හෝ උස් කර සකස් කර හැකි නම් එය ජනතාවට පහසුවක් වන බවයි.

වැසි දිනවල මීට වඩා කුඩා ඔයෙහි ජලය ගලා යන බැවින් ආරක්ෂිත වැට මෙම ස්ථානයට ඉතා අවශ්‍ය අංගයක් වන බවද ඔවුහු වගකිවයුත්තන්ට පෙන්වා දෙති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon