සේනාංක මලල ක්‍රීඩා තරගාවලිය නිමාවිය

  👤  1988 readers have read this article !
Published by : MB WEB 2019-01-18 06:41:26

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

වන්නි ආරක්‍ෂක සේවා මුලස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් සේනාංක මලල ක්‍රීඩා තරගාවලිය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩාංගණයේදී දින දෙකක් පැවැත්විණි.

54 සෙනාංකාධිපතිවරයාගේ මඟ පෙන්වීම යටතේ තරගාවලිය සංවිධානය කොට තිබිණි. තරගාවලියේ ශූරතාව 62 සේනාංකය දිනාගත් අතර ඔවුන් රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 16ක් හා ලෝකඩ පදක්කම් 06ක් දිනා ගනු ලැබීය. අනු ශූරතාවය 21 වැනි සේනාංකය දිනාගනු ලැබීය.

මෙම උත්සව අවස්ථාවට 21 සේනාංකාධිපති බි්‍රගේඩියර් එච්.පී.එන්.කේ. ජයපතිරණ, 54 සේනාංකාධිපති බි්‍රගේඩියර් සෙනරත් බණ්ඩාර, 56 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටපිටිය, 61 සේනාංකාධිපති බි්‍රගේඩියර් කේ.ඩී.සී.ජී.ජේ. තිලකරත්න, 62 සේනාංකාධිපති බි්‍රගේඩියර් ධම්මික ජයසිංහ, උතුරු මැද ආඥාපති මේජර් ජෙනරාල් එච්.කුලතුංග යන නිලධාරීන් ද සෙසු නිලයන්ද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon