සජිත්ට සුබ උපන් දිනයක්

  👤  913 readers have read this article !
Published by : MB WEB 2019-01-12 08:55:06

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ 52 වැනි උපන් දිනය අද (12දා) යෙදී තිබිණි

උපන් දිනයට සමගාමීව 'සැමට සෙවණ' ජාතික නිවාස වැඩසටහන යටතේ ඊයේ දිවයින පුරා නව උදාගම්මාන 100ක වැඩ ඇරැඹිණි. මෙම ගම්මාන 100 සමඟ ඉදිකෙරෙන ගම්මාන සංඛ්‍යාව 1,684 දක්වා ඉහළ නැංවෙනු ඇත.

මහ ගංවතුරින් උතුරු පළාතේ කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි විනාශ වූ නිවාස 5,000 වෙනුවට නව නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතිය මුලතිව් දිස්ත්‍රික්කයේදී පැවැති නිල උත්සවයකදී ඇරැඹිණි. මෙම නිවාස මාස 6ක් තුළ තනා නිම කිරීමට නියමිතය. සජිත් ප්‍රේමදාස මහතාට සුබ උපන් දිනයක් 'මව්බිම' ප්‍රාර්ථනා කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon