සැක සහිත පාර්සල් නිසා ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාල රැසක් නොසන්සුන්

  👤  1482 readers have read this article !
Published by : MB WEB 2019-01-10 13:26:07

ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා සහ මෙල්බර්න් නගරවල පිහිටි විදේශ තානාපති කාර්යාල කිහිපයක තිබී සැකකටයුතු පාර්සල් සොයා ගැනීම පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි එරට පොලිසිය තහවුරු කරයි.

මෙල්බර්න්හි නාගරික ගිනි නිවීම් සේවාව පවසා ඇත්තේ, එවැනි සිද්ධි රැසක් නගරය ආශ්‍රිතව වාර්තා වී ඇති බවය.

එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල ද සැකකටයුතු පාර්සල් හමු වූ තානාපති කාර්යාල අතර වේ.

"එම පාර්සල් මේ වන විට පරීක්ෂාවට ලක් කරමින් පවතිනවා. ඒ වගේ ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරනවා," ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පැවසීය.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන්දියාව, දකුණු කොරියාව, නවසීලන්තය, ග්‍රීසිය සහ ඉතාලිය යන රටවල තානාපති කාර්යාලවල අදාළ පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන ආකාරය දක්නට ලැබුණු බවය.

"ෆෙඩරල් පොලිසිය සහ ප්‍රාදේශීය ආයතන සමග අපි සමීපව කටයුතු කරනවා." බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.

"අපේ සියලු ම කාර්ය මණ්ඩලය ආරක්ෂිතයි."

මෙල්බර්න්හි පිහිටි ස්විට්සර්ලන්ත කොන්සල් කාර්යාලයට "asbestos" යනුවෙන් නම් කරන ලද කුඩා ලියුම් කවරයක් ලැබුණු බව ඔස්ට්‍රේලියාවේ ස්ව්ට්සර්ලන්ත කොන්සල්වරිය වන මැනුඑලා අර්බ්ගේ සැමියා වන පීටර් අර්බ් පැවසීය.

"අපි වහා ම ඒ ලියුම් කවරය තවත් බෑග් එකකට දාලා හදිසි සේවා අංශයට දැනුම් දුන්නා. ඔවුන් ඇවිත් එය අරගෙන ගියා" ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.

"අපි දැන් දන්නවා ඒක ජීවිත අවදානමක් සහිත එකක් නොවෙන බව."

මේ අතර, පසුගිය සඳුදා දිනයේදී සුදු පැහැති ද්‍රව්‍යයක් සහිත පාර්සල් කිහිපයක් සිඩ්නි නුවර පිහිටි ආර්ජන්ටිනා තානාපති කාර්යාලය වෙත ලැබී තිබිණි. ඒවා විෂ සහිත නොවන බව පසුව අනාවරණය විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon