සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය නදීර ඉෂාන් විද්‍යාලෝකට ජය ගෙනේ

  👤  1883 readers have read this article !
Published by : MB WEB 2019-01-09 07:47:06

ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ නදීර ඉෂාන් පන්දුවෙන් දස්කම් දක්වමින් පොතුවිල මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 124ක ජයක් ගෙනදීමට දායක විය.

එහිදී නදීර ඉෂාන් පොතුවිල මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 33කට කඩුලු 10ක් දවාලීය.

මෙම තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හමුවේ දෙබරවැව ජාතික පාසල ඉනිමක සහ ලකුණු 25ක පරාජයක් ලැබූ අතර, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය පොතුවිල මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 124ක ජයක් ලැබීය.

තවත් තරගයකදී බෙන්තොට ගාමිණී විද්‍යාලය දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයක් ලැබීය. එම තරගයේදී බෙන්තොට ගාමිණී විද්‍යාලයේ ඔමේෂ් දිසානායක ද පන්දුවෙන් දස්කම් දැක්වීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon