වසරේ කායවර්ධන ශූරයා මහයියාව ක්‍රීඩා සමාජයේ සුරේෂ්ට

  👤  2496 readers have read this article !
Published by : MB WEB 2019-01-08 08:13:01

මහනුවර-

නදීක දයා බණ්ඩාර

වසරේ හොඳම කායවර්ධන ශූරයා තෝරන මිස්ටර් කැන්ඩි මහනුවර දිස්ත්‍රික් කායවර්ධන ශූරතා තරගාවලිය 29දා මහනුවරදී පැවැත්විණි.

බර පන්ති කිහිපයක් යටතේ තරගකරුවන් පනස් පස් දෙනකු ඉදිරිපත් වී සිටි. තරගාවලියේ මිස්ටර් කැන්ඩි ශූරතාව දිනා ගන්නා ලද්දේ මහයියාව ක්‍රීඩා සමාජයේ ටී.එම්. සුරේෂ් විසිනි.

මහනුවර දිස්ත්‍රික් කායවර්ධන සංගමය සංවිධාන කළ මෙම තරගාවලියේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ එස්.බී. විජයවික්‍රම දිනාගත් අතර තුන්වැනි ස්ථානය හිමි කරගනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කළ ජී.කේ. මාලිගාරච්චි විසිනි.

සම්භාවනීය ආරාධිතයා ලෙස ලෝක කායවර්ධන ශූරතාවලියේ ශූරතාව දිනූ ලූෂන් පුෂ්පරාජ් මහතා මෙම අවස්ථාවට සහභාගි වී අනතුරුව සිය විස්කම් දැක්වීම විශේෂත්වයක් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon