සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය තීක්ෂගෙන් නොදැවී ශතකයක්

  👤  2610 readers have read this article !
Published by : MB WEB 2019-01-07 06:09:58

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගවලදී පූර්ණ ජය වාර්තා කිරීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සහ අකුරණ අසාර් විද්‍යාලය සමත්විය.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 26ක ජයක් ලැබූ අතර, අකුරණ අසාර් විද්‍යාලය කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 17ක ජයක් ලැබීය.

මෙම තරගයකදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ තීක්ෂ ගුණසිංහ පිත්තෙන් දස්කම් දක්වමින් නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර, නිම්නක ජයතිලක (කටුගස්තොට ශාන්ත අන්තෝනි), පහන් බණ්ඩාර (වයඹ රාජකීය) සහ මොහොමඩ් යුසුෆ් (අකුරණ අසාර්) සහ මොහොමඩ් ෂකීර් (අකුරණ අසාර්) යන ක්‍රීඩකයෝ පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon