සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය තෙවින්ගෙන් ද්විත්ව ශතකයක්

  👤  2630 readers have read this article !
Published by : MB WEB 2019-01-07 07:07:20

ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ මෙවර තරගවාරයේ ද්විත්ව ශතකයක් රැස් කිරීමට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ තෙවින් අමරසිංහ සමත්විය.

තෙවින් අමරසිංහ මෙම තරගයේදී මාතලේ විජය විද්‍යාලයට එරෙහිව ලකුණු 221ක් රැස් කළ අතර, මෙම තරගයේදී බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය මාතලේ විජය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 172ක ජයක් ලැබීය.

තවත් තරගයකදී අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයක් ලැබීමට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය සමත්විය.

එම තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ ඩිල්ෂාන් අරඹෙගෙදර ඉනිම දෙකේදී ලකුණු 48කට කඩුලු 12ක් දවාලීය.

බණ්ඩාරවෙල සා. තෝමස් - මාතලේ විජය

ශාන්ත තෝමස්: පළමු ඉනිම _ 337 (පන්දුවාර 73.4) තෙවින් අමරසිංහ 221, අධීප බස්නායක 68, චතුර අබේකෝන් 66/5, විහඟ විජේසිංහ 14/2
විජය: පළමු ඉනිම _ 96 (පන්දුවාර 54.4) මලිත් කුලතුංග 34, එසිත ගිම්හාන 46/5, මොහොමඩ් මෆාස් 12/2
විජය: දෙවැන ඉනිම _ 69 (පන්දුවාර 28.2) අබ්දුල් ෂෙරිෆ් 27, මොහොමඩ් මෆාස් 10/5, සවිත් බස්නායක 10/2
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 172ක ජයක්.
කටුගස්තොට ශ්‍රී රාහුල -
අම්පාර ඩී. එස්. සේනානායක
ඩී.එස්. සේනානායක: පළමු ඉනිම _ 147 (පන්දුවාර 42.3) කල්ප ආදිත්‍ය 85, නවෝද් පන්සිළු 21, ඩිල්ෂාන් අරඹෙගෙදර 26/5, මධුෂාන් පරණවිතාන 8/3
ශ්‍රී රාහුල: පළමු ඉනිම _ 172 (පන්දුවාර 39.3) තරිඳු ෆොන්සේකා 56, ඩිල්ෂාන් අරඹෙගෙදර 37, සයුරු රණතුංග 22, යසුරු රුවංග 50/5, චනුර දීෂාන් 45/3
ඩී.එස්. සේනානායක: දෙවැනි ඉනිම _ 83 (පන්දුවාර 35.1) යසිඳු රුවංග 28, චනුර ඩිල්ෂාන් 24, ඩිල්ෂාන් අරඹෙගෙදර 22/7, මධුෂාන් පරණවිතාන 17/3
ශ්‍රී රාහුල: දෙවැනි ඉනිම _ 59/0 (පන්දුවාර 7.5) තරිඳු ෆොන්සේකා නොදැවී 40
කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon