ජයලාල් රෝගී තත්ත්වය පරදා දැන් සුපුරුදු විදියට වැඩ

  👤  2298 readers have read this article !
Published by : MB WEB 2019-01-09 10:54:40

ඔබට හදිසියේ රෝහල් ගත වෙන්න සිද්ධ වුණා. මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ..?

පසුගිය 18 වැනිදා මම බිරියත් එක්ක රාගම රෝහලට ගියා ඇගේ සීනි මට්ටම චෙක් කරගන්න. ඒ වැඩ කටයුතුවලින් පස්සේ රාගම රෝහලේ කරු එක්ක අපි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මුණගැහෙන්න ගියා. ඒ අපි අතර හිතවත්කමක් තිබුණ නිසා. රාගම රෝහලේ ටික දුරක් යද්දී මට පපුව රිදෙන්න ගත්තා. ප්‍රේමසිරි වෛද්‍යතුමා මාව ඡ්ඛ්ට් එකක් ගන්න යොමු කළා. ඡ්ඛ්ට් එක ගත්තම හැමෝගෙම ඇස් උඩ ගියා. ඊට පස්සේ එකෝ ටෙස්ට් එකක් කරලා මාව හදිසි ප්‍රතිකාර ඒකකයට අරගෙන ගියා.

රාගම රෝහලෙන් ඔබව කොළඹ රෝහලටත් මාරු කළා නේද..?

ඔව්. කොළඹ හෘද රෝග චිකිත්සක අංශයේ වෛද්‍යවරු, හෙදියන් පුදුමාකාර වෙහෙසක් දැරුවා මං වෙනුවෙන්. මේ වෙලාවේ ඔවුන්ටත් මම ස්තූතිවන්ත වෙන්න ඕන.
ඉස්සර රෝහලකටවත් යන්න බැරි පසුබිමක්නේ තිබ්බේ. ඇත්තටම දැන් එහෙම නැහැ. රෝහලකින් පුදුමාකාර මහන්සියක් වෙන්නේ රෝගීින් සුවපත් කරන්න.

දැන් ඔබට කොහොමද?

දැන් මම ගෙදර ඇවිත් ඉන්නේ. රාගම රෝහලේ වෛද්‍යවරු සහ කොළඹ හෘද රෝග අංශයේ වෛද්‍යවරු නිසා මම දැන් හොඳින් ඉන්නවා.

ඔබ රෝහල් ගත වෙලා සිටිද්දී වැරැදි ප්‍රචාරත් ළැව් ගින්නක් වගේ පැතිරෙන්න පටන් ගත්තා..?

ඔව්. මම මැරුණා කියලා බොරු ප්‍රචාර යවලා තිබ්බා. මාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනවා දැකපු කෙනෙක් වෙන්න ඇති මට අසාධ්‍යයි කියලා කියන්න ඇත්තේ. ඒ ප්‍රවෘත්තිය මම මියගියා කියන තැනටම වැඩි දියුණු කරලා තිබ්බා. මගේ පෞද්ගලික දුරකථනයටම මැසේජ් එකක් ආවා සාමදානයෙන් සැතපේවා කියලා. මම ඒ මැසේජ් එකට 'එසේම වේවා' කියලා මැසේජ් එකක් යැව්වා. මේ වැරැදි ප්‍රචාර නිසා, රෝහලේ ඉන්නකොටම මං ගැන හොයලා බලපු අයගේ දුරකථන ඇමතුම්වලට හොරෙන් හරි ප්‍රතිචාර දක්වන්න මට සිද්ධ වුණා. මම සුවෙන් කියලා වීඩියෝවක් කරලා එළියට දාන්නත් වුණා.

රෝහලටත් ඇමතුම් ගොඩක් ගලා ආවලු නේද..?

මම රෝහලේ ඉන්නවා කියලා දැනගෙන රෝහලේ ප්‍රධාන දුරකථනයට සමහරු කතා කරලා මං ගැන අහලා තිබුණා. නර්ස් නෝනලාට ඒක පුදුම විදියේ කරදරයක් වුණා. මම හිතන්නේ මාව ඔවුන්ට ලොකු කරදරයක් වුණා. මුවින් නොබැන ඔවුන් ඒවට ප්‍රතිචාර දැක්වුවා.

වැරැදි ප්‍රචාර ගැන දැනගත්තම ඔබට මොකද හිතුණේ..?

මම දෙපාරක් මැරිලා ඉපදුණ කෙනෙක්. පළවෙනි සැරේ මම අනතුරකට මුහුණ දුන්න වෙලාවේ එක්තරා ගුවන්විදුලියකින් මම මියගියා කියලත් නිවේදනය කළා. අපේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න උන් කරන ගොන් වැඩ දැක්කම සාමාන්‍ය මිනිස්සු මේ වගේ ප්‍රචාර යවන එක අහන්නත් දෙයක්ද? මේක මහා අරාජික රටක්. ඒ වගේ රටක ඔය වගේ දේවල් තමයි දකින්න අහන්න ලැබෙන්නේ.

මේ සිද්ධියත් එක්ක ඔබට ආදරේ කරන පිරිස කොතරම්ද කියලා දැනෙන්නත් ඇති..?

ඇත්තටම මට ඉක්මනින් සුව වෙන්න කියලා මැසේජ් හත්සිය අටසිය දුරකතනයට ගලාගෙන ආවා. මම සැබැවින්ම ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉන්න කලාකරුවෙක් කියලා මට තේරුණා. කන්න බොන්න තියෙන වෙලාවේ ඉන්න යාළුවන්ට වඩා මේ වගේ වෙලාවක කවුරු හරි කතා කරන එකත් අපිට දිව්‍ය ඔෟෂධයක් වගේ.

අසනීප තත්ත්වය නිසා වැඩ කටයුතු පාඩු වෙන්නත් ඇති...?

ඇත්තටම මම අසනීප වුණ කාල සීමාවේ මට වැඩ මුකුත් තිබ්බේ නෑ. වර්ෂ අවසානය නිසා නාට්‍යවල දර්ශන අවසන් කරලා තිබ්බේ. ඒ වගේ සංක්‍රාන්ති සමයක තමයි මට ඉස්පිරිතාලෙට වෙලා විවේක ගන්න සිද්ධ වුණේ.

දැන් ආයෙත් සුපුරුදු විදියට වැඩ පටන් ගත්තද..?

ඔව්. ගම්පහ නාට්‍ය හා රංග කලා පන්ති සුපුරුදු විදියට කරන්න පටන් ගත්තා. වෛද්‍යතුමා මට කිව්වේ මනසින් ලෙඩෙක් වෙන්න එපා කියලා. මම කෝච්චියට හැප්පිලත් මැරුණේ නැති මිනිහෙක්. මම හිතින් දුර්වල වෙන්නේ නෑ.

අලුත් වැඩ කටයුතුවලටත් අත ගහන්න සූදානමක් ඇති..?

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ නිවුස් පේපර් කියන චිත්‍රපටයට සම්බන්ධ වුණා. සුනිල් අරුණ වීරසිරි එක්ක අලුත් වැඩක් කරන්නත් සැලසුම් කරගෙන යනවා. ඊට අමතරව නාට්‍ය කලාවට ළැදි එවැනි දෙයක් හදාරන්න වුවමනාවක් තියෙන අයට සුදුසු වැඩමුළුවක් මාර්තු මාසේ ඉඳන් කොළඹදී පවත්වන්න සූදානම් කරගෙන ඉන්නවා. එය මාසයකට දවසක් පවත්වන වැඩමුළුවක්. ඒ වැඩමුළුව අවසානයේ නාට්‍යයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අලුත් ශාස්ත්‍රිය ග්‍රන්ථයක් ලියන වැඩකටයුතුත් කරගෙන යනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon