සෙරීනාගේ පිරිනැමීම අති දක්ෂයි

  👤  1425 readers have read this article !
Published by : MB WEB 2019-01-03 14:28:47

ලෝක ටෙනිස් පිටියේ දැවැන්තයන් වන ස්විට්සර්ලන්ත ක්‍රීඩක රොජර් ෆෙඩරර් හා ඇමෙරිකානු ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ටෙනිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගියදා පැවැති තරගයකදී එකිනෙකා හමුවීම කැපී පෙනිණි.

ඕස්ට්‍රේලියාවේ, පර්ත්හිදී පැවැත්වෙන හොප්මන් කුසලාන ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල තරගයකදී මෙලෙස මොවුන් දෙදෙනා ප්‍රතිවාදීන් බවට පත් වූ අතර එම තරගයේදී රොජර් ෆෙඩර්ර් හා බෙලින්ඩා බෙන්සික් හමුවේ සෙරීනා විලියම්ස් සහ ෆ්‍රන්සස් තියාෆෝ තරග වට 4-2ක් හා 4-3ක් ලෙසින් පරාජය විය.

කෙසේ වෙතත් එම තරගයෙන් අනතුරුව අදහස් දක්වා ඇති රොජර් ප්‍රකාශ කර සිටියේ තරගයට සහභාගි වීමට පෙර සෙරීනාගේ පන්දුව පිරිනැමීමේ දක්ෂතාව පිළිබඳ අසන්නට ලැබුණු කරුණු කාරණා සමඟ ඔහු යම් චකිතයකින් පසු වූ බවයි. එමෙන්ම එම අසන්නට ලැබුණු තොරතුරු සත්‍යයක් බව තමන්ට තරගයේදී තහවුරු වූ බවත් ඔහු එහිදී පවසා ඇත.

තවද මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති සෙරීනා ප්‍රකාශ කර ඇත්තේ ඇගේ "ටෙනිස් දිවියේ තරගය" මෙය බවයි. රොජර් ෆෙඩරර් හා සෙරීනා විලියම්ස් දෙදනාම 37 වැනි වියේ පසුවන අතර මොවුන් දෙදනා ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 43කට හිමිකම් කියයි. තවද ලෝක ටෙනිස් ශේ්‍රණිගත කිරීම්වල පළමු වන ස්ථානයේ සති 621ක කාලයක් තම ආධිපත්‍ය පතුරුවන්නටද මොවුන් දෙදෙනා සමත්ව තිබීම විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon