ශ්‍රී ්‍ර ලංකා නවසීලන්ත එක්දින තරග අද ඇරැඹේ

  👤  1884 readers have read this article !
Published by : MB WEB 2019-01-03 10:02:58

සංචාරක ශ්‍රී ලංකා පිල හා නවසීලන්ත පිල අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03දා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30ට නවසීලන්තයේ මවුන්ට් මවුන්ගනුයිහි බේ ඕවල් ක්‍රීඩා පිටියේදී දිවා-රාත්‍රි තරගයක් ලෙස ආරම්භවීමට නියමිතය.

වේගපන්දු යවන්නන්ට හිතකරව පවතින මෙම ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව එක් එක්දින තරගයකට (2016දී) පමණක් ක්‍රීඩා කර ඇති අතර, එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36කින් පරාජයට පත්ව තිබේ.
කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියේදී 1-0ක් ලෙස ජයගෙන සිටින නවසීලන්ත කණ්ඩායම වෙනස්කම් 7ක් සිදුකරමින් එක්දින තරගාවලියට මුහුණ දෙන්නේ සැහැල්ලු මනසකින් වුවද ටෙස්ට් තරගාවලියේදී ලකුණු අතර සිටි ඇන්ජිලෝ මැතිව්ස් නොමැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරගාවලිය සඳහා මුහුණදීමට සිදුව ඇත.

පළමු වරට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට වසරකට පසු අසේල ගුණරත්න හා සීක්කුගේ ප්‍රසන්න එක්ව ඇති හෙයින් ඔවුන් ඉදිරි ලෝක කුසලාන තරගාවලියට සුදුසුද නැද්ද යන්න තීරණය කිරීමට මෙම එක්දින තරගාවලිය බොහෝ සෙයින් වැදගත් වනු ඇත.

මෙ අතර මෙයට වසර 18කට පෙර (2001 ජනවාරි) නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගාවලියක් 4-1ක් ලෙස ජයගෙන ඇති නමුත් ඉන් අනතුරුව නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවැති කිසිදු එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබීමද කැපී පෙනේ.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මේ වනවිට පවත්වා ඇති එක්දින තරග 95කදී නවසීලන්තය තරග 45කදීත්, ශ්‍රී ලංකාව තරග 41කදීත් ජයගෙන ඇති අතර, එක් තරගයක් ලකුණු සම වී හා තරග 8ක් විසඳුමකින් තොරව අවසන් වී තිබීමද විශේෂත්වයකි.

අද තරගයට ඇතුළත්වීමට ඉඩ ඇති
ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් ජනිත්, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න,
තිසර පෙරේරා, ලසිත් මාලිංග (නායක), ලක්‍ෂාන් සඳකැන්/නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon