සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය තීක්ෂ ගුණසිංහගෙන් නොදැවී ශතකයක්

  👤  1963 readers have read this article !
Published by : MB WEB 2019-01-03 08:37:50

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව නොදැවී ශතකයක් රැස් කරමින් තම පිලේ ජයග්‍රහණයට දායකවීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ තීක්ෂ ගුණසිංහ සමත්විය.

මෙම තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 26ක ජයක් ලැබීය.

නොදැවී ශතකයක් රැස් කරමින් තම පිලේ ජයග්‍රහණයට දායකවීමට මෙන්ම මෙවර තරගවාරයේ තම දෙවැනි ශතකය රැස් කිරීමට කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ මුදිත ලක්ෂාන් සමත්විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon