සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට දැවැන්ත ජයක්

  👤  1970 readers have read this article !
Published by : MB WEB 2019-01-03 09:11:14

 

ඉෂාන් රශ්මිත

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී මොනරාගල රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 178ක දැවැන්ත ජයක් ලැබීමට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

බණ්ඩාරවෙල නගර සභා පිටියේ පැවැති මෙම තරගයේදී ජනීෂ හංසක දැක්වූ තුන් ඉරියව් දස්කම් බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ජයග්‍රහණයට හේතු විය.

ජනීෂ හංසක මෙම තරගයේ දෙවැනි ඉනිමේදී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 13කට කඩුලු 6ක් දවාලීය.

බණ්ඩාරවෙල මමවි - මොනරාගල රාජකීය
බණ්ඩාරවෙල මමවි: පළමු ඉනිම _ 179 (පන්දුවාර 75.2) පසිඳු ශමෙල් 32, නඳුන් හේෂාන් 30, රුචිර විජේසුන්දර 28, සකුණ නිදර්ශන 33/5, චතුර ධනුෂ්ක 41/2
රාජකීය: පළමු ඉනිම _ 144 (පන්දුවාර 44) දමිඳු රශ්මික 37, සකුණ නිදර්ශන 30, චතුර ධනුෂ්ක 26, ජනීෂ හංසික 13/6, ලක්ෂාන් ශාලින්ද 30/5, යසිත වීරසිංහ 21/5
බණ්ඩාරවෙල මමවි: දෙවැනි ඉනිම _ 225 (පන්දුවාර 51.5) දමිඳු රශ්මික 64, සදීෂ රත්නායක 52, චතුර ධනුෂ්ක 79/3, සකුණ නිදර්ශන 72/2
රාජකීය: දෙවැනි ඉනිම _ 82 (පන්දුවාර 44) ඉෂාන්ත උෂාන් 20, රුචිර විජේසුන්දර 2/2, රුචිර විජේසුන්දර 14/2, ජනීෂ හංසික 14/2, හේෂාන් විජේසුන්දර 21/2
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 178ක ජයක්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon