සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය ෂොහාන් ලිවේරාගේ ශතකය අපතේ යයි

  👤  2121 readers have read this article !
Published by : MB WEB 2019-01-03 06:29:06

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව ශතකයක් රැස් කිරීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ෂොහාන් ලිවේරා සමත්විය.

කෙසේ වෙතත් ෂොහාන් ලිවේරා මෙම ශතකය රැස් කළද තම පිල පරාජයෙන් ගලවා ගැනීමට ප්‍රමාණවත් නොවිණි. එම තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලකුණු 84කින් පැරදවීය. අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon