සිංගර් කුසලාන 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය ෂෙහාන් කරුණාරත්නගෙන් පන්දුවෙන් දස්කම්

  👤  1730 readers have read this article !
Published by : MB WEB 2019-01-02 08:09:18

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන "සිංගර් කුසලාන" වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තරගයකදී දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ෂෙහාන් කරුණරත්න ලකුණු 17කට කඩුලු 6ක් දවාලීය.

තවත් තරගයකදී අකුරණ අසාර් විද්‍යාලයේ මොහොමඩ් සකීර් කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට එරෙහිව පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් රැස් කළේය. අනෙක් තරග සියල්ල ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon