සිඩ්නි නුවර ඕපල් කුලුන දෙදරයි

  👤  1556 readers have read this article !
Published by : MB WEB 2018-12-28 13:00:41

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටා ඇති මහල් 38කින් යුත් ඕපල් කුලුන අභ්‍යන්තරයෙන් විශාල ශබ්දයක් ඇති වී පිපිරුමක් දිස් වීමත් සමඟ එහි වැසියන් හට වහා ඉන් ඉවත් වන ලෙස අනතුරු අඟවන ලදී.

මෙම ගොඩනැඟිල්ල අරබයා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරන ලද දෙවැනි වාරය මෙයයි. නමුත් එහි ව්‍යුහාත්මක දෝෂයක් නැති බවත්, නේවාසිකයන් ඉවත් කළේ පූර්ව ආරක්ෂණයක් ලෙස පමණක් බවත්, තම සමාගමේ ඉන්ජිනේරුවන් යොදවා සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරන බවත් මෙම මහල් ගොඩනැඟිල්ල ඉදි කළ සමාගම ප්‍රකාශ කර ඇත.

යම්කිසි පිළිසකර කිරීමක් අවශ්‍ය නම් ඒ සඳහා මෙම අවස්ථාව යොදාගැනීමට ද එම සමාගම බලාපොරොත්තු වේ. නැවතත් ගොඩනැඟිල්ලේ වැසියන් හට මෙවැනි බාධාවක් සිදුවීම වැළැක්වීම ඔවුන්ගේ අරමුණයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon