මධුරි මරාති සිනමාවට

  👤  428 readers have read this article !
Published by : MB WEB 2017-11-01 15:48:28

සුන්දර සිනහව නිසාම රසිකයන්ගේ සිත් වසඟයට පත්කළ මධුරි ඩික්සිත් දක්ෂ රංගන හා නර්තන තරුවක්. ඒ වුණත් විවාහයෙන් පසු ඇය තරමක් සිනමාවෙන් අෑත් වුණා. නිතරම සිනමා නිර්මාණවල දකින්න නොලැබුණත් පසුව ඇය ඇතැම් චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා.

මීළඟට අපිට ඇයගේ අලුත්ම රංගනයන් දැකගන්න හැකි වෙන්නේ මරාති චිත්‍රපටයකින්. මරාති චිත්‍රපට නිෂ්පාදන ආයතනයකට සම්බන්ධ වෙමින් ඇය මේ චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලබා ගන්නවා. ඒ වුණත් මේ නිර්මාණය මධුරිගේ සිනමා නිෂ්පාදනයක් නම් නෙමෙයි. මේ අවුරුද්දේ අග භාගයේදි චිත්‍රපටයේ කටයුතු ආරම්භ කරන්නටත් සියල්ල සූදානම්.

මේ අවස්ථාව ගැන ලොකු බලාපොරොත්තුවකින් හිටිය බවත් ඇය මාධ්‍යට අදහස් පළ කළා. 'මරාති සිනමාවට මට ආරාධනාවක් ලැබීම මගේ වාසනාවක් කියලා මට හිතෙනවා. මට අවුරුදු ගාණක ඉඳන් තිර පිටපත් කිහිපයක්ම ලැබුණත් මේ තිර පිටපත වගේ මට ඒවා දැනුණේ නැහැ. මේ කතාව මම කියෙව්වම මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ඕන කියලා මට හිතුණා. කොහොමත් මම මරාති සිනමාවට ආදරෙයි' ඇය පැවැසුවේ එලෙසයි.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්