ප්‍රංශයේ කාලෝස්ට පහරදුන් ජොශූවා ලෝක බොක්සිං වළල්ලේ බලය අල්ලයි

  👤  882 readers have read this article !
Published by : MB WEB 2017-11-01 10:49:06

ගමිත දෙහිපිටිය

පසුගියදා එංගලන්තයේ කාඩිෆ්හිදී අන්තර්ජාතික හෙවිවේට් ලෝක ශූරතාව වෙනුවෙන් පැවැති බොක්සිං තරගයකදී ප්‍රංශයේ කාලෝස් ටාකෙම් පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගැනීමට ලෝක හෙවිවේට් ශේ‍ර්ණිගත කිරීම්වල පළමු වැනි ස්ථානයේ සිටින 28 හැවිරිදි බි්‍රතාන්‍ය බොක්සිං ක්‍රීඩක ඇන්තනී ජොශූවා සමත් විය.

වට 12කින් යුක්ත වූ මෙම තරගයේ 10 වැනි වටය වනවිට ප්‍රතිවාදී ක්‍රීඩක කාලෝස් ටාකෙම් තාක්ෂණිකව නොකවුට් පරාජයකට පත් කරන ලද ජොශූවා නොකඩවා ජයග්‍රහණය කළ 20 වැනි අන්තර්ජාතික තරගය එය බවටද සටහන් කළේය.

මේ අතර 2017 වසරේදී එංගලන්තයේ වෙම්බ්ලිහිදී පැවැති තරගයකදී යුකේ‍ර්න හෙවිවේට් බොක්සිං ක්‍රීඩක ව්ලිදමීර් ක්ලිට්ෂෝ පරාජයට පත් කරමින් අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ ලෝක හෙවිවේට් ශූරතාව, පූර්ණ ජාත්‍යන්තර බොක්සිං සංවිධානයේ ලෝක හෙවිවේට් ශූරතාව සහ ලෝක බොක්සිං සංගමයේ සුපිරි ලෝක හෙවිවේට් ශූරතාවන්ද ඇන්තනී ජොශූවා විසින් දිනාගන්නා ලදී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්