නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ පස් දෙනෙක් අක්තපත්‍ර භාර දෙති

  👤  1261 readers have read this article !
Published by : MB WEB 2017-10-23 14:26:29

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

කැනඩාව, රුසියාව, මාලදිවයින, පකිස්ථානය සහ ඊජිප්තුව සඳහා මෙලෙස නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව සිටිති.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01- Mr. David Mckinnon -High Commissioner of Canada

02- Mr. Yuri B Materiy - Ambassador - The Russian Federation

03- Mr. Mohamed Hussain Shareef - Ambassador - The Republic of Maldives

04- Gen (Retd) Shahid Ahmed Hashmat-High Commissioner - The Islamic Republic of Pakistan

05- Mr. Hussein EL Saharty- Ambassador - of The Arab Republic of Egypt

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට පත්ව ආ මෙම නව තානාපතිවරු ශ්‍රී ලංකාව සහ තම රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත්කර ගැනීමට කැපවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්