ශ්‍රී ලංකා - පාකිස්තාන එක්දින තරගාවලියේදී තරග පාවාදීමකට පාකිස්තානු නායකයාට කතා කරලලු

  👤  1301 readers have read this article !
Published by : MB WEB 2017-10-23 13:15:36

ශ්‍රී ලංකා-පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතරතුරදී පාකිස්තාන ක්‍රිකට් නායක සර්ෆ්‍රාස් අහමඩ් බුකීකරුවන්ගේ ඉලක්කයක් බවට ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීම පිළිබ¼ද පාකිස්තාන ක්‍රිකට් නායකයා විසින් තම ක්‍රිකට් කළමනාකාරීත්වයට පැමිණිලි කර තිබූ අතර පසුව පාකිස්තාන ක්‍රිකට් කළමනාකාරිත්වය විසින් මෙය අයි.සී.සී. (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය)යේ දූෂණ මර්දන ඒකකයට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අයි.සී.සී ය මේ පිළිබඳ විමර්ශන සිදුකරන අතර දිගින් දිගටම පාකිස්තාන ක්‍රීඩකයන් බුකීකරුවන්ගේ ඉලක්ක බවට පත්ව තිබීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය තම ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳ දැඩි විමසිල්ලක පසුවන බවද පැවැසේ.

මෙම වර්ෂයේ මුල් භාගයේදී මුදලට තරග පාවාදීමට වරදකරුවන් වූ ක්‍රීඩකයන් දෙදෙනකුට තරග තහනම් පැනවීමටද පාකිස්තාන ක්‍රිකට් කළමනාකාරිත්වය පියවර ගෙන තිබිණි.

සටහන-තරිඳු පෙරේරා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්