DON 3 ගැන කියන්න ෆර්හාන් බය ඇයි?

  👤  1349 readers have read this article !
Published by : MB WEB 2017-10-21 15:43:29

ප්‍රේමවන්තයාගේ චරිතයෙන් රසික සිත් වසඟයට පත් කළ බොලිවුඩයේ රජු නමින් කිරුළ හිමිවන ෂාරුක්ගේ ක්‍රියාදාම රංගනයන් අපට දැකගන්නට ලැබෙන්නේ ච්ධද චිත්‍රපටයෙන්. ෂාරුක් ඒ අභියෝගයත් සාර්ථකව ජයගත් නිසාම DON දෙවැනි චිත්‍රපටයත් නිර්මාණය වුණා.

මේ ගැන පැතිරෙන අලුත්ම ආරංචිය තමයි ච්ධද තෙවැනි චිත්‍රපටය ප්‍රවීණ අධ්‍යක්‍ෂ හා නළු ෆර්හාන්ගේ දායකත්වයෙන් නිර්මාණය වෙන බව. ඒ වුණත් ෆර්හාන් නම් මේ ගැන මාධ්‍යට කියන්න එතරම් කැමැති වෙලා නැහැ. ච්ධද 2 චිත්‍රපටයෙන් පස්සේ ගොඩාක් අය මේ චිත්‍රපටයෙ තව කොටසක් නිර්මාණය වෙයි කියන බලාපොරොත්තුවෙන් සිටියත් මේ ගැන අදහස් පළ කරන්න ෆර්හාන්ට තිබුණේ තරමක පසුබෑමක්.

"ඇත්තෙන්ම මම DON 3 චිත්‍රපටය ගැන කියන්න ටිකක් බය මේ ගැන ආරංචි වුණාම ඒකට එල්ල වෙන විවේචන නිසයි. කොහොමත් ච්ධද 3 චිත්‍රපටය නිර්මාණය ගැන තවමත් තියෙන්නේ අදහසක් විතරයි. මේ දවස්වල මම රංගන කටයුතු නිසා ටිකක් කාර්ය බහුලයි.

ඒ වුණත් ඉක්මනින්ම ච්ධද 3 චිත්‍රපටය නිර්මාණය කරන්න තමයි මගේ අදහස. ෂාරුක්ට ආදරේ කරන රසිකයන්ටත් මේක සුබ ආරංචියක් වේවි". ඔහු මාධ්‍යයට ප්‍රකාශකර තිබෙන්නේ එහෙමයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්