ත්‍රිරෝද වෙනුවට නව වාහන පන්තියක්

  👤  1133 readers have read this article !
Published by : MB WEB 2017-10-18 13:38:23

උපතිස්ස පෙරේරා

ත්‍රිරෝද රථ හා මෝටර් කාර් අතරට ගැනෙන රෝද හතරේ නව වාහන පන්තියක් මෙරටට හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

ආරක්ෂිත බවෙන් අඩු වූ ත්‍රිරෝදවලින් බහුලව සිදුවන අනතුරු හේතුවෙන් වාර්ෂිකව විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිව තවත් විශාල පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වීම නිසා ඊට විකල්පයක් ලෙස ශ්‍රී භචඤපර ඛ්රජතඥ නමැති මෙම රෝද හතරේ වාහනය හඳුන්වා දීමට කටයුතු යොදාගෙන යන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මෙරට තුළ ධාවනය වන ලක්ෂ 10ක් පමණ වූ ත්‍රිරෝද රථ සංඛ්‍යාව නිසා ඇති වන අනතුරු හා වාහන තදබදය අවම කිරීම සඳහා පසුගිය අය -වැයෙන් යෝජනා කළ පරිදි නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වාහන පන්තිය හඳුන්වාදීම ආරම්භ කරන බව හෙතෙම පවසයි.

නව තාක්ෂණයෙන් යුතු ආර්ථික වශයෙන් ලාබදායී මෙම වාහන කිහිපයක් මේ වන විටත් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවත් ඒ සඳහා නීතිමය වලංගු භාවයක් ලබාදීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙන අතර ලබන වසරේ සිට ඒවා ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනයට යෙදවීමට හැකිවනු ඇතැයිද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්