ස්මාර්ට් බයිසිකලය

  👤  1297 readers have read this article !
Published by : MB WEB 2017-10-11 15:32:36

අතීතයේ (පසුගිය ශත වර්ෂයේ) සිටම චීනය ගැන සඳහන් කළොත් නිරායාසයෙන්ම අපේ මතකයට නැඟෙන උපාංගයක් වන්නේ බයිසිකල් නැතහොත් පාපැදි. ලොව වැඩිම ජනගහනයක් සිටින චීනයේ අතිශය බහුල ලෙස පාපැදි භාවිතය ශත වර්ෂයක් පුරා සිදුවුණා. නාගරික චීන වැසියන් මෙන්ම ග්‍රාමීය චීන වැසියන්ටද පොදු, සමීප වාහනයක් වන මෙම පාපැදිය තම සංස්කෘතික අංගයක් කරගත් චීනයේ සමාගමක්ම ස්මාර්ට් බයිසිකලයක් තැනීම ඔබට අරුමයක් නොවෙන්නට පුළුවන්.

වීඩියෝ Stream කරන, Phone, Tv, Smart Car සාදන මෙගා සමාගමක් වන LeECO චීන සමාගම දැන් මාර්ග භාවිතයට ස්මාර්ට් බයිසිකලයක් තනා තිබෙනවා. ඔවුන් සාදා ඇති Bike දෙවර්ගය, එකක් Road Bike එකක් වන අතර, අනෙක Mountain Bike එකක් වනවා. මේ 2ටම අඟල් 4 ටච්ස්ක්‍රීන් Display එකක් අෑදා තිබෙන අතර, එය Android Marshmallow Operatins System එකකින් යුක්ත වෙනවා. (බයිසිකලය සඳහාම නිමැවුණු) මෙම On Screen Navigation පද්ධතියට අමතරව යනමඟ සොයා දෙන GPS Navigator,Compass, (මාලිමාවක්) Barometer (පීඩන මීටරයක්) Speedometer (වේගය පෙන්වන මීටරයක්)ඇතුළත් වන අතර Bike එකට Online හෝ Offline සංගීතයද වාදනය කරමින් පදිකයාට ඇසීමට සැලැස්වීමට පුළුවන්.

ඒ වාගේ පදිකයන්ට, එහි පිහිටා ඇති Walkie Talkie හරහා අනෙකුත් LeEco Smart Bike අයිතිකරුවන් හා සංවාදයේ යෙදෙන්නටත් පුළුවන්. ඔබට ඔබේ සවාරිවල Log එකක් තබා ගැනීමටත් Fitness Track කර ගැනීමටත්, එම දත්ත විශ්ලේෂණය කරගැනීමට මෙන්ම ඒවා අන් අය හා Share කරගැනීමටත් මේ Smart Bike App ඒනන එක උපකාරි වනවා. මේ සියලු උපාංග ජලයට ඔරොත්තු දෙන ලෙස නිමවා තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්