ලිට්‍රෝ ගෑස් සභාපති ඔක්තෝබර් 25 දක්වා රිමාන්ඩ්

  👤  1290 readers have read this article !
Published by : MB WEB 2017-10-11 12:13:44

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ඔක්තෝබර් 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද(11) නියෝග ලබා දී තිබෙනවා.

UPDATE....................................................................................................................................................................................

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.104ක මුදලක් (රුපියල් කෝටි 300කට අධික මුදලක්) වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (11දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (10දා) නියෝග කළාය.

ශලීල මුණසිංහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කරනු ලැබුවේ රවි කරුණානායක මහතා මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලයේදීය.

සිද්ධියේ ප්‍රධාන ශ්‍රී ලාංකික සැකකරු වන ජනක චමින්ද නම්මුනි නමැති ව්‍යාපාරිකයා විසින් වංචා කරන ලද ඩොලර් මිලියන 2.1ක මුදල කුරුඳුවත්තේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ ඔහුගේ ගිණුමකට බැර කරගෙන ඇති අතර එම මුදලින් කෝටි 2ක මුදලක් ලබාගැනීම සඳහා එම ව්‍යාපාරිකයා සමඟ බැංකුවට යෑම සහ ඔහුගෙන් රුපියල් මිලියන 20ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් ලිට්රෝ සභාපතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කර ඇත.

ව්‍යාපාරිකයා විසින් ලිට්රෝ සභාපතිවරයාට රුපියල් මිලියන 20ක මුදල පුද්ගලයන් කිහිප දෙනකු අතර බෙදාදීම සඳහා ලබා දී තිබෙන අතර එලෙස ලබාගත් මිලියන 20න් රුපියල් මිලියන 15ක මුදලක් ලිට්රෝ සභාපතිවරයා විසින් ඉන්දියන් ජාතිකයන් දෙදෙනකුට ලබා දී ඉතිරි රුපියල් මිලියන 5ක මුදල ඔහු සන්තකයේ තබාගෙන තිබේ.

ඉන්දියන් ජාතිකයන් දෙදෙනා "කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්"හි නැවතී සිට මේ වන විට පලාගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කොටුව අධිකරණය වෙත දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවද එම නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
ඉන්දියන් ජාතිකයන් දෙදෙනා විසින් 'ෆා ඊස්ටන්' බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බවට හා පරිගණක වයිරසයක් ඇතුළු කිරීම හරහා අනවසරයෙන් එම බැංකුවේ පරිගණක ජාලයට ඇතුළු වී වංචාව සිදුකර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

වංචා කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.104ක මුදල බැර කර ගැනීම සම්බන්ධයෙන් ජනක චමින්ද නම්මුනි නමැත්තා ඉකුත් 09 වැනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර එම ව්‍යාපාරිකයා සහ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා යන දෙදෙනාට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් අධිකරණ නියෝග අනුව අද (11දා) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්