කබීර්-මලික් අද කොමිසමට

  👤  1339 readers have read this article !
Published by : MB WEB 2017-10-11 10:03:34

බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනයේදීත් සාක්ෂි විභාගයේදීත් ඊට අදාළ විවිධ අවස්ථාවන්ට සම්බන්ධ වූ බවට කොමිසම හමුවේ නම් අනාවරණය වී ඇති කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන් අද කොමිසමට කැඳවනු ලැබ ඇත.

මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් ඇමැතිවරුන්ට කොමිසමෙන් නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ දෙදෙනා ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී තිබෙන බව වාර්තා වේ.

මේ දෙදෙනාගේ හමුව නිසා කැබිනට් මණ්ඩල රැස්වීම පැයක් ප්‍රමාද වී පැවැති බවද දැනගන්නට ඇත.
කොමිසම හමුවේ කිහිප වතාවක්ම නම කියැවී ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද කොමිසමේ අවසන් සාක්ෂිකරු ලෙස කැඳවනු ඇතැයිද කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතර ඊයේ (10දා) සාක්ෂි විභාගය අතරතුරදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා ඔහුගෙන් කරුණු විමසන ලෙසට බැඳුම්කර ගනුදෙනුවේ බරපතළම චෝදනාවන්ට ලක්ව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින්ද නැවත නැවතත් කිහිප වරක්ම ප්‍රකාශ කිරීම නිසා නියත වශයෙන්ම කොමිසම හමුවට ඔහු කැඳවීමට කොමිසමට සිදුවනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක්ද සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්