චීන විවෘත ටෙනිස් කිරුළ නඩාල්ගේ දෝතට

  👤  1272 readers have read this article !
Published by : MB WEB 2017-10-10 14:06:52

ලොව ටෙනිස් ශේ්‍රණිගත කිරීම්හි අංක එකෙහි පසුවන ප්‍රංශයේ රෆායල් නඩාල් ඕස්ට්‍රේලියාවේ නික් කයිර්ජියස් තරග වට 2-0ක් ලෙස පරාජය කරමින් චීන විවෘත ටෙනිස් කිරුළ දිනාගත් අතර, කාන්තා කිරුළ හිමිවූයේ ප්‍රංශයේ කැරොලිනා ගාසියාටය.

එහිදී පිරිමි තරගාවලියේ පළමු වටය 6/2ක් ලෙස ජයගත් නඩාල් දෙවැනි වටයද කිසිදු අපහසුවකින් තොරව ජයගෙන තිබුණේ 6/1ක් ලෙසිනි. කාන්තා තරගයේ අවසන් තරගය සඳහා ලොව ශේ්‍රණිගත කිරීම්හි 29 වැනි ස්ථානයේ පසුවන කැරොලිනා ගාසියා හා කාන්තා ටෙනිස් ශේ්‍රණිගත කිරීම්හි අංක එක ස්ථානයේ පසුවන රුමේනියාවේ සිමෝනා හෙලෙප් තරග වැදුණු අතර එහිදී 6/4ක් හා 7/6ක් ලෙස තරගය ජය ගැනීමට කැරොලිනා සමත්වීමද විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්