දුම්රිය ගාස්තු වැඩි කරන්න රජය උත්සාහයක

  👤  1375 readers have read this article !
Published by : MB WEB 2017-10-10 13:46:27

උපතිස්ස පෙරේරා

වාර්ෂිකව දුම්රිය සේවයෙන් සිදුවන රුපියල් බිලියන 25කට ආසන්න අලාභය සලකා දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු යැයි දුම්රිය තාක්ෂණික උපදේශක සභාව රජයට නිර්දේශ කර තිබේ. වසර ගණනාවකින් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමත්, දුම්රිය සේවයේ නඩත්තු වියදම් අධික ලෙස ඉහළ යෑමත් පදනම් කරගෙන මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අවම ප්‍රවාහන ගාස්තු අය කරන ප්‍රවාහන මාධ්‍ය ලෙස දුම්රිය සේවය පත්ව තිබීම හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට මගීන් විශාල පිරිසක් පෙලඹී ඇති නිසාත්, ඊට සාපේක්ෂව දුම්රිය සේවයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බැවින්ද, රජයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන්හි නියුක්ත ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තම දෛනික රාජකාරිවලට යෑම සඳහා දුම්රිය සේවය උපයෝගී කරගන්නා බැවින්ද මෙම අවස්ථාවේ දුම්රිය ගාස්තු සංශෝධනයක් නොකළ යුතු බවට අමාත්‍යවරුන් ගණනාවක් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී තිබේ.

ඒ අනුව දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව ලබන වසරේදී සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්