ප්‍රසන්න රණතුංගගේ නඩුව විභාගයට දින නියම කරයි

  👤  1317 readers have read this article !
Published by : MB WEB 2017-10-10 12:38:42

කේ.එස්. උදයකුමාර්

ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය ඇතුළු විත්තිකරුවන් 03 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය.

ඒ අනුව අදාළ නඩුව ලබන 26 වැනිදා විභාගයට ගන්නා බව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.

කොළඹ, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ගොඩකිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් බලහත්කාරයෙන් ලබාගත් බවට චෝදනා කරමින් ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිය මොරින් රණතුංග සහ නරේෂ් කුමාර් යන අයට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

මෙම නඩුවේ තුන්වැනි විත්තිකරු වන නරේෂ් කුමාර් නමැත්තා මේ වනවිට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩුව පවත්වාගෙන යෑමටද අධිකරණය අවසර දී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්